කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ පළමු වට මේස සාකච්ඡාව ආරම්භ වෙයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා හා පැසිෆික් කළාපීය සමුළුව ආරම්භ කරමින් පළමු වට මේස සාකච්ඡාව අද (19) දින ආරම්භ විය.

මෙම සාකච්ඡා වටය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම පළමු වටමේස සාකච්ඡාවේ තේමාව වන්නේ ‘ආසියා පැසිෆික් කලාපයේ ධීවර හා පශු සම්පත් සංවර්ධනයේදී නව නිපැයුම් හා විද්‍යාව තුළින් තිරසාර ඉලක්කයන් ජය ගනිමු’ යන්නයි.

37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය හෙට දින (20) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, මේ වන විට රටවල් 42න් 35කම නියෝජිතයින් සහභාගි වී සිටීම විශේෂත්වයකි.

අද (19) දින වට මේස සාකච්ඡාව ආරම්භ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුප්පත්කම හා බඩගින්නට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ගෙනයන වැඩපිළිවෙල අගය කළ යුතු බව ප්‍රකාශ කළේය.

කොළඹ හිල්ටන් හෝටලයේදී අද දින ආරම්භ වූ 37 වන ආසියා පැසිෆික් කළාපීය සමුළුව මෙම මස 22 දින දක්වා පැවැත්වේ.

ආසියානු පැසිෆික් කලාපීය රටවල් ගණනාවක කෘෂිකර්ම අමාත්‍යවරු , නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් 300කට අධික පිරිසක් සහභාගි වී සිටිති.

මෙම වටමේස සාකච්ඡාවට එක්වූ එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Qu Dongyui මහතා ඩිජිටල්කරණය හා එකම රටක් එක් ආහාරයක් යන තේමාව one country one food production යටතේ අදහස් පළ කළේය.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය