කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



සංඛ්‍යාලේඛන අංශය

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආරම්භක අවධියේ සිටම සංඛ්‍යාලේඛන අංශය ස්ථාපිතව තිබී ඇත. කෘෂිකාර්මික තොරතුරු රුස් කිරීම, විශ්ලේෂණය කිරීම හා වාර්ථා සකස් කිරීමට මෙම අංශය මගින් සිදු කරනු ලබන අතර අමාත්‍යාංශයට හා අනෙකුත් දත්ත බාවිතා කරන්නන්ට අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කරයි. ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාලීන දත්ත අමාත්‍යාංශයට සැපයීම ප්‍රධාන වගකීමකි. එසේම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා ප්‍රායෝගිකව සහය දැක්වීම අංශය මඟින් සිදු කරයි.

 

සංඛ්‍යාලේඛන අංශය මඟින් පහත සඳහන් වැඩ ක්‍රියාත්මක කරයි.

 

 

  • කෘෂි බෝග නිෂ්පාදන පුරෝකථන වැඩසටහන.
  • ඉදිරි වගා වර්ෂ සඳහා ඉලක්ක ඇතුළත් කෘෂි නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම, මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම, ඉලක්ක යලට අදාල ප්‍රගතිය මාසිකව සමාලෝචනය කරන අතර ප්‍රගති සමාලෝචන වාර්ථා සැකසීම, වාර්ෂිකව යල කන්නයේ ළූණු වගාව පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂා කර ප්‍රගතිය හා නිෂ්පාදන පුරෝකථන ඉදිරිපත් කිරීම.
  • අමාත්‍යාංශය මඟින් පවරනු ලබන වෙනත් රාජකාරී කටයුතු.

 

සංඛ්‍යාලේඛන අංශයේ කාර්යමණ්ඩලය ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ.ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමීක්ෂණ, සංගණනය සහ සංඛ්‍යාලේඛන වාර්තා සැකසීම සඳහා අවශ්‍ය තාක්ෂණික වගකීම් දරණ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරයි.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය