කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



කෘෂි සේවා හා ගොවිජන සංවර්ධන අංශය

 

මෙම අංශය මගින් ගොවිජන සංවර්ධන (සුළු වාරිමාර්ග) සඳහා සහ ගොවිජන සංවර්ධන දිස්ත්‍රික්ක කාර්යාල/ ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියට අදාළ අමාත්‍යංශයීය සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම,කුඹුරු ඉඩම් වෙනත් කාර්යයන්ට යෙදවීම සම්බන්ධ ඉල්ලීම්/ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම, අඳ ගොවි ගැටළු, සළු වාරිමාර්ග,කෘෂිකාර්මික ඉඩම් ලේඛණ, කෘෂි පාර හා පුරන් කුඹුරු අස්වැද්දීම පිළිඹඳ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම,2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන(සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතට අදාල නියෝග සකස් කිරීම,ගොවිජන සභා පිහිටු වීම ආදී කටයුතු සම්බන්ධීකරණය ගොවි සංවිධාන හා ගොවීන්ගෙන් අමාත්‍යාංශයට ලැබෙන විවිධ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම,ගොවි සෙවණ ව්‍යාපෘතියට අත්කර ගත් ඉඩම් අත්හැරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදුකෙරේ. එසේම මෙම අංශයට අදාළ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ සැකසීම,විවිධ අමාත්‍යංශ මගින් ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල සංදේශ සැකසීම,විවිධ අමාත්‍යාංශ මගින් ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කිරීම හා පාර්ලිමේන්තු වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු සැකසීම ද සිදුකෙරේ.

 

 අංශය මඟින් සිදු කරන ප්‍රධාන සංවර්ධන වැඩසටහන්

 

  • ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන
  • මී මැසි පාලන ව්‍යාපෘතිය
  • ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා වැව් 1500 ක රොන් මඩ ඉවත් කිරීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස් කරණ වැඩ සටසන
  • ජලය හා සනීපාරක්ෂණ පිළිබඳ නියාමන ව්‍යාපෘතිය සම්බන්ධීකරණය
  • කාලගුණ අනුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය සම්බන්ධීකරණය.

 

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය