කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



චීන පොහොර නැව සම්බන්ධව ගැටළුවේ දී දෙරට මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීමට ක්‍රියාවලියක් සැකසීම විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දීමේ තීරණයක්.

චීනයේ Qingdao Sea win Biotech ආයතනය මගින් මිල දී ගන්නා ලද පොහොර නැව සම්බන්ධයෙන් එම සමාගමට නඩු පවරන්නැයි විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති විශේෂ වාර්තාව සම්බන්ධව ඊයේ (04) මාධ්‍යවේදීන් විසින් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසීය.

අමාත්‍යවරයා ඊයේ (04) පෙරවරුවේ ඇඹිළිපිටිය තුංකම ප්‍රදේශයේ මාළු මිරිස් ගොවිපොළක වගා කටයුතු නිරීක්ෂණය සඳහා සහභාගි විය. එහිදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධව කරුණු විමසීමක් සිදු කළේය.

මම කෘෂිකර්ම අමාත්‍යංශය බාරගත් දින සිට මෙම පොහොර නැව සම්බන්ධව අවස්ථා ගණනක දී සාකච්ඡා කළා. මෙම පොහොර නැව නිසා දෙරට අතර හොඳ හිත බරපතල ලෙස පළුදු වුනා. මට අවශ්‍ය වුනේ එක්කෝ මෙම චෝදනාව එල්ල වී ඇති පොහොර නැව වෙනුවට රසායනික පොහොර ලබා ගැනීම. නමුත් එම සමාගම වෙනත් පොහොර නිපදවන්නේ නැහැ. ඒ නිසා දැනට මෙම සමාගමට ගෙවා ඇති ඩොලර් මිලියන 6.5ක මුදල ආපසු ගත හැකිදැයි සොයා බැලුවා. නමුත් එම සමාගම පවසන්නේ ඔවුන් චීනයේ තිබෙන කීර්තිමත් සමාගමක්.

ලෝකයේ ගොඩක් රටවලට ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කරනවා. නමුත් අපේ රටෙන් එල්ල වූ චෝදනාව නිසා එම සමාගමේ කීර්ති නාමයට හානියක් සිදු වු බව ඔවුන් පවසනවා. එම නිසා අපේ රටට එම පාඩුව දරාගැනීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. මෙම ගනුදෙනුවට කවුරු සම්බන්ධ වුනත් අවසානයේ ඒ පොහොර නැවට ගෙවන ලද ඩොලර් මිලියන 6.9ක බර පැටවුනේ අපේ රටේ ජනතාවට

චීනය කියන්නේ ශ්‍රී ලංකාව සමග දීර්ඝකාලයක් අපේ රට වෙනුවෙන් පෙනී සිටින රටක්. චීනය හා ශ්‍රී ලංකාව අතර වසර සිය ගණනක හොඳ හිත වර්ධනය වු තත්ත්වයක් තිබෙනවා. එමනිසා මේ අවස්ථාවේ මෙම සිදුවීම නිසා එම හොඳ හිත පළුදු නොවන ලෙස කටයුතු කළයුතුව තිබෙනවා. මේ සම්බන්ධව අපී මුදල් මණ්ඩලයේත් සාකච්ඡා කළා.

එහිදී තීරණය වුනේ දෙරටේම මිත්‍රත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ක්‍රියාවලියක් සැකසීමේ කර්තව්‍යය අපේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට හා විදේශ කටයුතු අමාත්‍යතුමාට ඉල්ලීමක් කරන්නට මම අපේක්ෂා කරනවා. මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශය හා චීන තානාපතිතුමාත් සහභාගි කර ගනිමින් තවදුරටත් සාකච්ඡා කිරීමටත් මම බලාපෙරොත්තු වෙනවා.

මෙම කාරණය සම්බන්ධව ගරු ජනාධිපතිතුමාගේ ස්ථාවරය වන්නේත් දෙරට අතර ඇති මිත්‍ර සබඳතා පළුදු නොවන ආකාරයට මෙම ගැටළුව විසඳා ගැනීමයි. ඒ සඳහා අපි උපරිම උත්සාහය තවදුරටත් දරනවා යැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය