කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



වැස්සෙන් හානි වූ දඹුල්ලේ ලොකු ලූණු ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රු. 100,000 බැගින් කෘෂි රක්ෂණ වන්දි.

 

දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කර තිබෙන ලොකු ලූණු වගාවට මේ දිනවල පවතින අධික වැස්ස නිසා බෙහෙවින් අස්වනු හානි සිදුවී ඇති බවට වාර්තා වී තිබේ. යල කන්නයේ දී ඇතැම් ගොවීන් විසින් වගා කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් වර්ෂා කාලයට වගාවන් වැස්සට හසුවීම සිදුවේ.

 

නමුත් එම ගොවීන් සඳහා වගා හානි වන්දි ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (07) පස්වරුවේ කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

 

මෙම රජය බලයට පත්වීමට පෙර වගා හානි ලබා ගැනීමට නම් ගොවින් විසින් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගත යුතු වු අතර ඒ සඳහා වාරික දායක මුදලක් ගෙවිය යුතුව තිබිණි. නමුත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රධාන බෝග 06ක් සඳහා දායක මුදලකින් තොරව නොමිලේ වගා රක්ෂණය ලබා දීමේ වැඩ පිළිවෙළක් 2018 යල කන්නයේ සිට අරඹනු ලැබීය.

 

ඒ අනුව වී, අමු මිරිස්, ලොකු ලූණු, අර්තාපල්, බඩඉරිගු, හා සෝයාබෝංචි වගා කරන ගොවීන්හට නියඟය, වැස්ස, හා වනඅලින්ගෙන් වගා හානියක් සිදුවුවහොත් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් වගා හානි වන්දි මුදල් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මේ සඳහා රජය වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 5228කි.

 

ඒ අනුව දඹුල්ල හා වෙනත් ප්‍ර දේශවල ලොකුලූනු වගා කර ඇති ගොවීන්ගේ වගාවන් වැස්ස නිසා හානියට පත්ව තිබෙන හෙයින් ඒවා නිවැරදි තක්සේරුවක් කර අදාල වන්දි මුදල් වහාම ලබා දීමට පියවර ගන්නා ලෙසත්, සතියක් ඇතුළත මේ සම්බන්ධ සම්පුර්ණ වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරින්හට ඊයේ පස්වරුවේ උපදෙස් දෙනු ලැබීය.

 

රටේ ජනතාවගේ කුසගින්දර නිවීම සඳහා කටයුතු කරන ගොවි ජනතාව ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව කී අමාත්‍යවරයා කිසිදු ගොවියෙකුට වගා හානිවලින් පීඩාවට පත්වීමට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා කීය.

 

බයනැතිව වගා කරන්න. ඔබට පිහිට වෙන්නට අපි සිටිනවායැයිද අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය