කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



වනසතුන්ගෙන් වන හානි වැළැක්වීමට ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳ යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ විද්වතුන්ගෙන් ඉල්ලයි.

 

ශ්‍රී ලංකාවේ වනගහනයට සාපේක්ෂව සිටිය හැකි සත්වගහනය පිළිබඳව මෙතෙක් අපේ රටේ කිසිදු කලමනාකරණ අධ්‍යයනයක් සිදු කර නැත. එහෙත් ගොවීන් විසින් වගා කරන බෝගවලට සතුන්ගෙන් සිදුවන හානිය ගත් කල ඉතාමත් ඉහළ මට්ටමක පවතී. මේ වනවිට සත්ව හානිය නිසා විනාශයට පත්වන අපේ රටේ බෝගවල වටිනාකම රු.කෝටි 1800 ඉක්මවන බව ගණන් බලා ඇත.

ඒ අනුව තම වගාවන්ට සිදුවන හානි පිළිබඳ ගොවීන්ගෙන් තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කළ අතර, මේවනවිට දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම ගොවීන්  විසින් ඔවුන්ට සිදුව ඇති වගා හානි පිළිබඳව තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබා දෙමින් පවතී. ඔවුන් විසින් ලබා දී ඇති තොරතුරු අනුව පෙනී යන්නේ වැඩි ම බෝග හානියක් සිදු කරන්නේ, වල් ඌරන්, රිලවුන් සහ වඳුරන්  මෙන්ම මොනරුන්, ඉත්තෑවුන් හා වන අලීන් ය. පොළොන්නරුව ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල බහුල වශයෙන් හම්බාවන්ගෙන් බෝග හානි සිදුවන බව ගොවීහු පවසති.

වනසතුන්ගෙන් වන වගා හානි වළක්වා ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කර තිබෙන සහ ඇතැම් පිරිස් විසින් යෝජනා කරන ලද සියලු උපක්‍රම අසාර්ථක වී තිබේ. එම නිසා මෙම ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා ගොවීන් සහ වෙනත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන් ද අදහස් හා යෝජනා ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම තොරතුරු 011-2872094 දුරකථන අංකයට ෆැක්ස් පණිවිඩ මඟින් ලබා දිය හැකිය.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය