කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කරයි.

මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩිසල් වංචාවක් සම්බන්ධයෙන් එහි සභාපති රේණුක පෙරේරා මහතා අද දින පෙරවරුවේ කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කළේය.

2021 සිට මෙම ආයතනය තුළ මෙම ඉන්ධන වංචාව සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කී සභාපතිවරයා ඩීසල් ලීටර් 45,000කට අධික ප්‍රමාණයක් පුද්ගලික ඉන්ධනහල්වලට විකුණා ඇති බවට තොරතුරු ලැබී ඇති බවද අවධාරණය කළේය.

මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇතත්, මෙම වංචාවට සම්බන්ධව බවට දැනට චෝදනා එල්ල වී ඇති සියලු සේවකයින් විමර්ශන අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගන්නා බව රේණුක පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

මෙම ඉන්ධන වංචාව මෙම වර්ෂය තුළ දීත් සිදු වී ඇත්ද යන්න සම්බන්ධව පුළුල් විමර්ශනයකින් සොයා බලන්නැයී අමාත්‍යවරයා සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය