කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



කෘෂි තාක්ෂණ අංශය

 

කෘෂි තාක්ෂණ අංශය කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ ආයතන මඟින් ක්‍රියාතමක කරනු ලබන කෘෂි සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන් සඳහා තාක්ෂණික අනුග්‍රාහක කටයුතු සම්බන්ධීකරණය කිරීම පිණිස අවශ්‍ය දායකත්වය ලබා දෙමින් ඉලක්ක ගත වැඩසටහන් වල සාර්ථකත්වය පිළිබඳව ප්‍රගතිය අත්කර ගැනීමට කටයුතු කරනු ලැබේ.අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ ) ගේ අධීක්ෂණය යටතේ කෘෂි .තාක්ෂණ , ව්‍යාපෘති යන අංශ පවතින අතර, කාර්යභාරය පහත දක්වා ඇත.

 

 

 

කාර්යභාරය

 

 

  • කෘෂිකාර්මික ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනයට අවශ්‍ය දායකත්වය ලබාදීම.
  • කෘෂි යාන්ත්‍රීකරණය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීම.
  • කෘෂිකාර්මික ආහාර ද්‍රව්‍යයන්ගේ අගය එකතු කිරීමේ ක්‍රියාදාමනයන් වෙත යොමු කිරීම.
  • ශාක නිරෝධායන ක්‍රමෝපායන් විධිමත් පරිදි ක්‍රියාතමක කිරීම පිණිස අවශ්‍ය සම්බන්ධීකරණය.
  • බීජ සහතික කිරීම හා පැළෑටි සංරක්ෂණ කටයුතු වලට අදාළ මෙහෙයවීමේ කටයුතු.
  • බදු සහ නිර්දේශ ලබාදීම.
  • ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016-2018) යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර 06 ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීම.
  • ගස් හෙලීමේ (පාලන)පනත හා ඒ යටතේ පනවා ඇති නියෝග ක්‍රියාත්මක කිරීම හා පාංශු සංරක්ෂණ පනතට අදාළ කටයුතු.
  • ආධාර දෙන ආයතන වලට යොමු කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යාංශය සංවර්ධනය කොට එම ආධාර දෙන ආයතන වෙත යොමු කිරීම හා ඒවා අනුමත වූ පසු ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත භාරදීම හා ක්‍රියාත්මක වන අවස්ථාවේ පසු විපරම් කිරීම.
  • විදේශීය රටවල් හා ජාත්‍යාන්තර ආයතන සමග සබඳතා ගොඩ නැගීම, දෙපාර්ශවයට වාසි දායක තත්වයන් ඇතිවන පරිදි විදේශ සබඳතා පවත්වා ගැනීම.
  • ජාත්‍යාන්තර වෙළඳාමට අදාළව විවිධ අන්තර්ජාතික වෙළඳ ගිවිසුම් වලට අදාල තොරතුරු සැපයීම හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාලව ඒවා සම්බන්ධීකරණය කිරීම.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය