කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



ප්‍රජා මුලික බීජ නිෂ්පාදන ගම්මාන වැඩසටහන

ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය අවශ්‍ය ස්ථාන වලට, අවශ්‍ය වේලාවට, අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාදීම හා රට තුල බීජ හා රෝපණ දුව්‍ය සුලබතාව ඇති කිරීම අරමුණු කර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු සීමිත සම්පත් ද උපයෝගී කර ගනිමින් ගොවීන් වෙත ගුණාත්මක බීජ සැපයීම සඳහා ප්‍රජා මුලික බීජ නිෂ්පාදන ගම්මාන වැඩසටහන නමින් වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය, සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය, පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා රට පුරා විසිරී ඇති ඒ යටතේ ඇති සියළුම ආයතන හා ඒවායේ උප ඒකක ද කේන්ද්‍ර කොට ගනිමින් මෙම ගම්මාන පිහිටු වීමට කටයුතු කර ඇත. සෑම ඒකකයක් විසින්ම අවම වශයෙන් එක් ගම්මානයක් හෝ තෝරා ගතයුතු අතර ගම්මානයේ ගොවීන් කණ්ඩායමක් ලෙස සංවිධානය කර ගනිමින් මෙම ගම්මාන පිහිටුවීම සිදු කරනු ලබයි.

දේශගුණය, අවට ජනතාවගේ බීජ සඳහා ඇති ඉල්ලුම ආදිය සලකා බලා නිෂ්පාදනය කරනු ලබන බීජ වර්ගය තෝරාගනු ලබන අතර ගුණාත්මක බීජ සැපයීම, අවශ්‍ය උපදෙස් සැපයීම හා නිරන්තර අධීක්ෂණ කටයුතු මෙම ගම්මාන සමග සම්බන්ධ වන ආයතනය මගින් ලබා දේ. බීජ සහතික කිරීමේ කටයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉටුකර දෙනු ලබන අතර ගම්මාන තුල නිපදවෙන බීජ ගම්මාන අතර හුවමාරු කිරීමටත් තව දුරටත් බීජ අතිරික්තයක් ඇතිවුවහොත් පෙෘද්ගලික අංශය වෙත අලෙවි කර ගැනීමේ පහසුවත් මෙම බීජ නිෂ්පාදන ගම්මාන සංකල්පය තුලින් ලබා දීමට අපේක්ෂිතය. මෙම වැඩසටහන කෘෂි ව්‍යාපාරයක් වන ලෙස ක්‍රියාත්මක කිරීමෙන් සහභාගී වන ගොවීන් ප්‍රතිලාභ ලැබීමට ද අපේක්ෂා කෙරේ.

දැනටමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 30 ක ප්‍රතිපාදනය සියළු පලාත් කෘෂිකර්ම අමාත්‍යාංශ, ශ්‍රී ලංකා හදබිම අධිකාර්ය හා ශ්‍රී ලංකා ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙත වෙන් කර ඇති අතර මෙම ආයතන මගින් බීජ නිෂ්පාදන ගම්මාන 299 ක් ඇති කිරීමට නියමිතය. මෙයට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙතද මේ සඳහා රු. මි. 20 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බීජ නිෂ්පාදන ගම්මාන 200 ක් ඇති කෙරේ. ඒ අනුව වැඩසටහන යටතට ගැනෙන මුළු ගම්මාන සංඛ්‍යාව 499 කි.

මෙම වැඩසටහන යටතේ ගොවීන් සංවිධාන ගත කිරීම හා අවශ්‍ය පුහුණුව ලබා දීමත්, මූලික බීජ හා රෝපණ දුව්‍ය ලබා දීමත්, බීජ සහතික කිරීමේ සේවය ලබා දීමත්, පසු අස්වනු හානිය අවම කිරීම හා අලෙවිය සංවිධානය කිරීමත් සිදු කෙරේ.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය