English (UK)SinhalaSriLankaTamilIndia


කටට රහට අපේ කෑම රසවිඳින්න “ශ්‍රී ලංකන් Food Festival” වෙත පැමිණෙන්න

කෘෂිකර්ම අමාත්‍යාංයේ දීපව්‍යාප්ත ගොවි සතියට සමගාමීව ජාතික ආහාර ප්‍ර‍වර්ධන මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකන් Food Festival” ආහාර ප්‍ර‍දර්ශනය සහ ගොවි නිපැයුම් වෙළඳපොළ ඔක්තෝබර් 14,15,16 යන තෙදින තුළ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී සහ ග්‍රීන් පාත් හිදී පැවැත්වේ.

මෙම ප්‍ර‍දර්ශනයේදී  දේශීය ආහාර ප්‍ර‍දර්ශන, සුපිරි හෝටල්, ආහාර පිළිබඳ විශේෂ සම්මන්ත්‍ර‍ණ, අධ්‍යාපනික වැඩසටහන්, විනෝද කලාප, සංගීත සංදර්ශන ඇතුළු විශේෂ අවස්ථා රැසකට සහභාගී වීමට අවස්ථාව උදාවේ.

ඔක්තෝබර් 14 ප.ව 4.00ට කෘෂිකර්ම අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු වසන්ත අලුවිහාරේ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍ර‍ධානත්වයෙන් ආරම්භ වන මෙම ප්‍ර‍දර්ශනය එදින රාත්‍රී 10.00 දක්වා විවෘතව පවතී. ඔක්තෝබර් 15 සහ 16 දෙදින තුළ පෙ.ව 10.00 සිට රාත්‍රී 10.00 දක්වා ප්‍ර‍දර්ශනය මහජනයාට විවෘත අතර කිසිදු ඇතුල්වීමේ ගාස්තුවකින් තොරව මෙම ප්‍ර‍දර්ශනය නැරඹීමට හැකි ය. කටට රහට අපේ කෑම රසවිඳීමට කැමති ඔබ සැමට ශ්‍රී ලංකන් Food Festival වෙත පැමිණෙන්නැයි ජාතික ආහාර ප්‍ර‍වර්ධන මණ්ඩලය ඔබ සැමට ආරාධනා කරයි.


Last Updated on බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2016 03:25

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය