English (UK)SinhalaSriLankaTamilIndia


 

 

 

 

 

 

ශ්‍රි ලංකා රජයේ අරමුණ වන්නේ නියත වශයෙන්ම කෘෂිකර්මාන්තය රටේ සංවර්ධනයේ පදනම බවට පත් කරලීමය. එබැවින් රට,  ආහාර අතින් ස්වයංපෝෂිත කිරීම පමණක් නොව , සෞඛ්‍යයට හිතකර ආහාර නිෂ්පාදනය කරමින්  ගොවි ප්‍රජාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීම තුළින් රට තිරසාර සංවර්ධනයක් කරා යොමු කිරීම ද එමඟින් ඉලක්ක කෙරේ.

ඒ අනූව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉටු කළ යුතු මෙහෙවර සපුරාලමින් මතු සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට මට අවස්ථාවක් ලබා දීම ගැන අතිගරු ජනාධිපතිතුමන්ට, ගරු අමාත්‍යවරයාට මෙන්ම රටේ ජනතාවටත් මගේ කෘතවේදීත්වය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

නව සහශ්‍රකය උදා වීමත් සමඟ නව තාක්ෂණය මුසු කරමින් ද නව මං පෙත් ඔස්සේ පිය නගමින් ද කෘෂිකර්මාන්තයේ ප්‍රගමනයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ අනූව භෝග නිෂ්පාදනයේදී උපරිම පෝෂණ ගුණය සහතික කරමින් නවමු පියවරයන් ක්‍රියාත්මක  කිරීම මඟින් ද අදාල ක්ෂේත්‍රෙයේ  කාර්යක්ෂමතාව හා ඵලදායීතාව තව දුරටත් වැඩි කළ යුතු වේ.

ඒ අනුව ඉහත සඳහන් ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා සමඟ සහයෝගීව දැඩි අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් කටයුතු කිරීම මාගේ ඒකායන අරමුණ වේ.


Last Updated on අඟහරුවාදා, 21 AUGUST 2018 07:38

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය