තිරසාර කෘෂිකාර්මික ජල කළමනාකරණ ව්‍යාපෘතියේ පළමු අදියර 2005 වර්ෂයේදී ආරම්භ කළ අතර ඒ යටතේ වියළි කළාපීය ප්‍රදේශ වල කෘෂිකාර්මික කටයුතූ සදහා ජලය සැපයීම පිණිස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්පයක් හා බිංදු ජල තාක්ෂණය සහිත නල පද්ධති ඇතූලත් සූර්ය බල ජල සූක්ෂම පද්ධති 5,000ක ප්‍රමාණයක් 2007 වර්ෂයේ ජූලි මාසය වන විට ස්ථාපනය කර ඇත.
මේ වන විට පළමු හා දෙවන අදියරෙහි උපකරණ කට්ටල 6000ක් පමණ ගොවීන්ගේ වගා ක්ෂේත්රයේ සවිකර ඇති අතර මෙම ව්‍යාපෘතිය අනුරාධපුරය, පොළොන්නරුව, වව්නියාව, මඩකලපුව, ත්රිකූණාමලය, අම්පාර, බදුල්ල, මොණරාගල, මහනුවර, රත්නපුරය, හම්බන්තොට, මාතලේ, කූරeණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්ක 14 ක ක්‍රියාත්මක වේ.
වියළි කළාපයේ ගොවීන් සදහා සූර්ය බලය උපයෝගී කොටගෙන බිංදු ජල සම්පාදනය සමග පොහොර යෙදීමේ ක්‍රමය ප්‍රචලිත කිරීම තූලින් ජලය සහ පොහොර භාවිතය කාර්යක්ෂම කිරීම,පොසිල ඉන්ධන සදහා යන වියදම ඉවත් කිරීම නිසා යෙදවුම් සදහා යන වියදම අඩු කිරීම මගින් වර්ෂය පුරා එළවඵ සහ අතිරේක ආහාර බෝග වල නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
සූර්ය ශක්තිය අවශෝෂණය කර ගන්නා පැනලයක්, පරිගණකගත පාලකයක්, ජල පොම්පයක්, ජලයට පොහොර මිශ්‍ර කිරීමේ ටැංකියක්, පෙරහනක් හා සෙ.මී. 30 ක පරතරයකින් යුතුව සැකසූ ජලය සැපයීමේ සිදුරු සහිත නල පද්ධතියක් මෙම මෙවලමට ඇතුලත් වේ.
මෙම සූර්ය බල ජල සූක්ෂම පද්ධතිය මගින් සූර්ය ශක්තිය විද්‍යුත් ශක්තියට පරිවර්තනය කර එමගින් ජල පොම්පයක් ක්‍රියාත්මක වීමට සළස්වා එයට සම්බන්ධ පොහොර ටැංකියට පොහොර ද යොදා බිංදු ජල තාක්ෂණය සහිත නල පද්ධති මගින් බෝග වගාවට ජලය සහ පොහොර සැපයීම සිදු වේ.
ජලය කාර්යක්ෂමව යෙදෙන බැවින් සාපේක්ෂව අඩු ජල ප්‍රමාණයකින් අක්කර භාගයක පමණ භූමියක එළවඵ හා වෙනත් අතිරේක බෝග වගා කිරීමට මෙම පද්ධතිය මගින් අවස්ථාව සැලසෙන අතර ඉන්ධන භාවිතයක් නොමැතිව මෝටරය ක්‍රියා කරන බැවින් පරිසර දූෂණය අවම කිරීම නිසා මෙය පරිසර හිතකාමී නව තාක්ෂණික ක්රමයකි.
ඕස්ට්‍රේලියාවේ බී.පී. සෝලා සමාගම විසින් මෙම තාක්ෂණය සහිත සූර්ය බල ජල සූක්ෂම පද්ධති ණය ගිවිසුමක් යටතේ සපයනු ලබන අතර සූර්ය පැනලය සදහා වසර 25 ක ද මෝටරය සහ පොහොර ටැංකිය සදහා වසර 10 ක් සහ අනෙකුත් උපාංග සදහා වසර 03 ක වගකීමේ සහතිකයක්ද කට්ටලය සදහා ලබා දී තිබේ.
දැනට ක්‍රියාත්මක වන දෙවන අදියරේ දී පද්ධති ලබා දීම සමෘද්ධි බැංකු සමග සම්බන්ධ වී සිදු කෙරේ. එහිදී පහත සදහන් මුලික සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු සමෘද්ධි බැංකු සාමාජිකත්වය ඇති ගොවීන් සදහා රු. 10,000/- ක මූලික තැන්පතුවක්ද සමෘද්ධි බැංකු සාමාජික නොවන ගොවීන් සදහා රු. 25,000/- ක මුලික තැන්පතුවක් ගෙවීමෙන් අනතුරුව පද්ධති ලබාදීම සිදු කෙරේ. අනතුරුව පද්ධති සවිකර මාස 06 ක් ඉක්මවූ පසු මාසිකව රු. 3665/- ක මුදලක්, වාරික 120 කින් ගෙවා නිම කිරීමෙන් අනතුරුව පද්ධතියේ අයිතිය ගොවියා සතු වේ. කට්ටලයක මිල රු. 3,45,452.25 කි. ණය මුදල් ගෙවා අවසන් වනතුරු පද්ධතියේ අයිතිය කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය සතුය.
පද්ධතියක් ඉල්ලුම් කිරීම සදහා සැපිරිය යුතු මුලික සුදුසුකම්
අදාල ප්‍රදේශයේ සමෘද්ධි බැංකු කළමණාකරු, ක්ෂේත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරී හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරී, කෘෂිකර්ම උපදේශක, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගෙන් හෝ කෘෂිකර්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ගෙන් හෝ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ස්වාභාවික සම්පත් කළමනාකරණ අංශයෙන් විමසන්න.