English (UK)SinhalaSriLankaTamilIndia


පාංශු සංරක්ෂණ වැඩසටහන

  • පාංශු ඛාදනය ශ්‍රී ලංකාවේ ඉතා බරපතල පාරිසරික හා සමාජ ආර්ථික ගැටළුවක් බවට පත් වී තිබේ. අවිධිමත් හා අනාරක්ෂිතව සිදු කෙරෙන ක්‍රියාකාරකම් නිසා සිදු වන පාංශු ඛාදනය හේතුවෙන් ඉඩම් නිසරු වීම, බෝග නිෂ්පාදනයේ ඵලදායිතාව අඩු වීම, ස්වභාවික ජල මාර්ග හා වාරි මාර්ග හා වැව්වල රොන් මඩ තැන්පත් වීම ආදී ගැටළු රාශියක් දැනටමත් පැන නැඟී තිබේ.
  • එබැවින් පුහුණු වැඩසටහන් හා පාංශු සංරක්ෂණ ප්‍රදර්ශන මඟින් පාංශු සංරක්ෂණය පිළිබඳ ගොවි ප්‍රජාව ඇතුළු මහජනයා දැනුවත් කිරීම, ඛාදනය සඳහා නැඹුරුවක් ඇති ඉඩම්වල පාංශු සංරක්ෂණ උපක්‍රම ක්‍රියාවට නැංවීම සඳහා උපදෙස් හා සහනාධාර ලබා දීම, කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙනු ලැබේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලැබිය හැක්කේ:

    ගොවි ප්‍රජාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට

මෙම ව්‍යාපෘතිය යටතේ ජනතාව වෙත සපයනු ලබන සේවාවන් :

  1. අක්කර ¼ ක් සිට අක්කර 1 දක්වා ප්‍රමාණයේ පාංශු ඛාදනයට නැඹුරුවක් ඇති ඉඩම්වල පාංශු සංරක්ෂණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ ආධාර දෙනු ලැබේ.
  2. ඉඩමේ පිහිටීම අනුව යෙදිය යුතු පාංශු සංරක්ෂණ උපක්‍රමය/උපක්‍රම පිළිබඳව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ හෝ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරී මහතගෙන් උපදෙස් ලබා ගත හැක.
  3. ඉඩමේ පාංශු සංරක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා සහනාධාර ලබා දීම සිදු කෙරේ.
  4. එයට අමතරව පාංශු සංරක්ෂණය කරන ලද ඉඩම්වල වගා කිරීම සඳහා 50% ක් ගොවි දායකත්වය යටතේ රෝපණ ද්‍රව්‍ය ලබා දීම සිදු කෙරේ.
  5. පාංශු සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු ප්‍රාදේශීය මට්ටමින් සිදු කෙරෙන අතර, ගොවි මහතුන්ට ඒ සඳහා සහභාගී වී දැනුම හා අවබෝධය ලබා ගැනීමට ද පුළුවන.

ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට :

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
  • දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය
  • පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  • නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

Last Updated on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2012 08:20

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය