English (UK)SinhalaSriLankaTamilIndia


ගස් හෙලීමේ (පාලන) පනත යටතේ නියමයන් ක්‍රියාත්මක කිරීම

  • කොස්, රටදෙල්, ගැහැණු වර්ගයේ තල් ගස් කපා බිම හෙලීමට බලපත්‍රයක් ලබා ගත යුතුය. හේතුව කොස්, රටදෙල්, ගැහැණු වර්ගයේ තල් ගස් වලින් ලැබෙන ඵල මිනිසාගේ ආහාර සඳහා භාවිතා කළ හැකි වීමයි.
  • ඉහත සඳහන් ගස් 3 ක් කපා බිම හෙලිමට බලපත්‍රයක් නිකුත් කිරීමේ අනුමැතිය ලබා දීමට ප්‍රාදේශීය ලේකම්ට හැකිය.
  • ඉහත සඳහන් ගස් 3 සිට ගස් 15 දක්වා කපා බිම හෙලීමට බලපත්‍රයක් නිකුත් කිරීමේ අනුමැතිය ලබා දීමට දිසාපති/දිස්ත්‍රික් ලේකම්ට හැකිය.
  • ඉහත සඳහන් ගස් 15 ට වැඩිනම් එම ගස් කපා බිම හෙලීමට ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ නිර්දේශ සහ දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශ මත කෘෂිකර්ම විෂය භාර කෘෂිකර්ම අමාත්‍යෘංශයේ ලේකම්ගේ අනුමැතිය ලබා ගත යුතුය.

ගස් හෙලී‍මේ (පාලන) පනත හා නියමය මඟින් අපේක්ෂිත අරමුණ සඵල කර ගැනීම සඳහාහාඑම පනත හා නියමය ක්‍රියාත්මක කිරීම මඟින් මහජනතාවට අපහසුතාවයන් ඇතිවීම වලක්වා ගැනීම සඳහා පහත සඳහන් පරිපාලන විධිවිධාන ක්‍රියාතමක කිරීමට තීරණය කර ඇත

 

  1. ගස් හෙලීම් (පාලන) පනත හා නියමය මඟින් කැපීම පාලනය කර ඇති ගස් කැපීමට, කප්පාදු කිරීමට හෝ මරා දැමීමට බලපත්‍ර නිකුත් කළ යුතු අවස්ථා හාඑම අවස්ථා සනාථ කිරීම පිණිස සපුරා තිබිය යුතු අවශ්‍යතා

      1. ජීවිත වලට හෝ දේපල වලට අන්තරාදායක තත්ත්වයේ පවතින ගස්

        පරිසර නිලධාරී, ග්‍රාම නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඇතුලත් වන කමිටුවක් මඟින් ලබා ගන්නා වාර්තාව
      2. අධිකරණ තීන්දු මඟින් කැපීමට නියම වන ගස්
        • අධිකරණ තීන්දුවේ සහතික කල පිටපත
        • සමථ මණ්ඩල තින්දු අදාළ නොවේ
      3. රජයේ සංවර්ධන කාර්යයන්ට බාධාවක්ව පවතින ගස්
        • සංවර්ධන කාර්යයන්ට අදාල ව්‍යාපෘති වාර්තාව
        • පරිසර නිලධාරී, ග්‍රාම නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඇතුළත් වන කමිටුවක් මගින් ලබා ගන්නා වාර්තාව
      4. ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ දී ඉඩම් ස්වරූපය, ප්‍රමාණය හා අදාල අධිකාරිය විසින් අනුමත ඉදි කිරීම් සැලැස්ම අනුව ඉදිකිරීම් කාර්යයට බාධාවක් පවතින ගස්
        • අදාල අධිකාරිය අනුමත කළ ඉදි කිරීම් සැලැස්ම
        • පරිසර නිලධාරී, ග්‍රාම නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඇතුළත් වන කමිටුවක් මගින් ලබා ගන්නා වාර්තාව
      5. ස්වභාවික හේතූන් මත මිය ගොස් හෝ ඉදිරී වැටී ඇති ගස්
        • කෘෂිකර්ම උපදේශක, ග්රාාම නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඇතුළත් වන කමිටුවක් මගින් ලබා ගන්නා වාර්තාව
      6. වයස්ගත වීම නිසා හෝ රෝග වැලදීම නිසා ඵල නොදරන ගස්
        • කෘෂිකර්ම උපදේශක, ග්‍රාම නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඇතුළත් වන කමිටුවක් මගින් ලබා ගන්නා වාර්තාව
      7. ඉඩම්හිමියාගේ හෝ ඉඩම්හිමියාගේ දරුවෙකුගේ පදිංචි වීමේ අවශ්‍යතාවයකට අදාල අධිකාරිය විසින් අනුමත ඉදිකිරීමේ සැලැස්ම අනුව නිවසක් ඉදි කිරීමේදී අවශ්‍ය දැව සපයා ගැනීම සඳහා අවශ්‍ය ගස් (උපරිම වශයෙන් ගස් 02 කි)
        • අදාල අධිකාරිය අනුමත කල සැලැස්ම
        • කැපීමට අදහස් කරන කොස් ගස් ඇති ඉඩමේ එම කොස් ගස් වලට අමතරව ඵලදරණ හෝ පපු මට්ටමේ දී වට ප්ර මාණය සෙ.මී. 25 ඉක්ම වූ කොස් ගස් අවම වශයෙන් 02 ක් තිබීම
        • පරිසර නිලධාරී, ග්‍රාම නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඇතුලත් වන කමිටුවක් මඟින් ලබා ගන්නා වාර්තාවග්‍රාම නිලධාරී හා
      8. ඉඩම් හිමියාගේ හෝ පවුල් සාමාජිකුගේ බරපතල අසනීප තත්වයක් හෝ වෙනත් එවැනි ආපදා අවස්ථාවකට මුහුණ දීමට අවශ්‍ය මුදල් සපයා ගැනීම සදහා කැපීමට අවශ්‍ය ගස්
        (උපරිම වශයෙන් ගස් 03 කි)
        • ආපදා තත්වය සනාථ කෙරෙන ලියකියවිලි වල පිටපත්
        • කැපීමට අදහස් කෙරෙන කොස් ගස් ඇති ඉඩමේ එම කොස් ගස්වලට අමතරව ඵලදරන හෝ පසු මට්ටමේ දී වට ප්‍රමාණය සෙ.මි.25 ක් ඉක්මවූ කොස් ගස් අවම වශයෙන් 03 ක් තිබීම.
        • පරිසර නිලධාරී, ග්‍රාම නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඇතුළත් වන කමිටුවක් මගින් ලබා ගන්නා වාර්තාව

Last Updated on සදුදා, 12 නොවැම්බර් 2012 08:51

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය