English (UK)SinhalaSriLankaTamilIndia


ක්ෂුද්‍ර ජල සම්පාදන වැඩසටහන

ශ්‍රී ලංකාවේ වියලි හා අතරමැදි කලාපවල එළවළු හා පලතුරු බෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බිංදු හා විසුරුම් ජල සම්පාදන තාක්ෂණය, ජල පොහොර සම්පාදන තාක්ෂණය හා දෙමුහුම් බීජ හා උසස් තවාන් තාක්ෂණය ගොවි ජනතාව අතර ප්‍රචලිත කරවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.මි.

ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති ලබා දීමට ගොවීන් තෝරා ගැනීම

ගොවීන් තෝරා ගැනීම අදාල දිස්ත්‍රික්කයන්හි කෘෂිකර්ම දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ප්‍රධානීන් මඟින් අදාල කෘෂිකර්ම උපදේශක විසින් සිදු කර ප්‍රධාන කාර්යාලය වෙත දැනුම් දිය යුතුය.

තෝරා ගන්නා ගොවීන් පහත දැක්වෙන අවශ්‍යතාවයන් සපුරාලිය යුතුය.

  • වගා ළිඳක් හෝ අවුරුද්ද පුරා ජලය පවතින ජල ප්‍රභවයක් තිබීම
  • වගා බිම අක්කර ½ -1 ක් වීම
  • පූර්ණ කාලීන/උනන්දු ගොවියෙකු වීම
  • කෘෂි යෙදවුම් සපයා ගැනීමට හැකියාවක් තිබීම
  • ආරක්ෂිත ගෘහ සඳහා පද්ධති ලබා ගැනීමට ආරක්ෂිත ගෘහ වගාව සිදු කරන ගොවීන් විය යුතුය
  • ගොවි මහතා විසින් 50% ක ගොවි දායකත්වය දැරීමට එකඟ විය යුතුය

ඉල්ලුම් පත්‍ර ලබා ගැනීම

ගොවිජන සේවා බල ප්‍රදේශ මට්ටමින් සේවයෙහි නියුතු කෘෂි උපදේශක මඟින් අයදුම් පත් ලබා ගත හැකි වේ.

ගොවි දායකත්වය

ක්ෂුද්‍ර ජල පද්ධතියට ජල පොම්පය, ජල පෙරනය, කට්ටලය ඇතුළු උපාංග හා අක්කර ½ බිංදු ජල නල පද්ධතියක් ඇතුළත් වන බැවින් ප්‍රතිලාභියා විසින් 50% ක දායකත්වය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වෙත ගෙවිය යුතුය. ගෙවිය යුතු මුදල තීරණය වන්නේ ජල පොම්පය රහිතව පද්ධති ලබා ගැනීම සඳහා රජයේ විවෘත මිල ගණන් කැඳවීමේ ක්‍රියාදාමය අවසානයේ තීරණය වන මිල අනුවය. ප්‍රතිලාභියා විසින් රජයට ගෙවන මුදල ද පද්ධති ලබා ගැනීම සඳහා භාවිතා කෙරේ.

පද්ධතියට අයත් වන ජල පොම්පය ප්‍රතිලාභියා විසින් සපයා ගත යුතු අතර පද්ධති ලබා දෙන දිනට මාස තුනක කාලයක් තුළ මිලට ගත් බව තහවුරු කරන්නේ නම් 50% ක ගොවි දායකත්වය මුදලින් ජල පොම්පයේ වටිනාකම උපරිම රු.50,000 ක් දක්වා අඩු කරනු ලැබේ. ජල පොම්පය බිංදු ජල පද්ධතියට හැර වෙනත් වගා කටයුතු හා ගෘහස්ථ කටයුතු සඳහා භාවිතා කරන බැවින් ජල පොම්පය ප්‍රතිලාභියා පෞද්ගලිකව මිල දී ගැනීම වඩාත් සුදුසු වේ. (මෙම ජල පොම්පයේ ධාරිතාවය වා.ගෝ.පීඩන 2 සිට 4 දක්වා වූ අගයක දී පැයකට ඝන මීටර් 10 -14 දක්වා වීම සුදුසු වන අතර මෙවැනි ජල පොම්පයක වර්තමාන වටිනාකම රු. 20,000 – 50,000 පමණ වේ.)


Last Updated on බදාදා, 14 නොවැම්බර් 2012 04:18

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය