English (UK)SinhalaSriLankaTamilIndia


කාබනික පොහොර අංශය මඟින් සපයනු ලබන සේවාවන්

1. පුහුණු වැඩසටහන් සමිබන්ධිකරණය

කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ දැනුවත් කිරිමේ පුහුණු වැඩසටහන් කාබනික පොහොර ව්‍යාපෘතියේ නියමු මධ්‍යස්ථානය වන මාකඳුර ප්‍රාදේශීය
කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදි නොමිලේ පැවැත්වෙන අතර කාබනික පොහොර නිෂ්පාදනය පිලිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගි විය හැක. ගොවීන්, නිෂ්පාදකයින්, පාසැල් සිසුන් ,ගුරුවරුන්, රාජ්‍ය නිලධාරින්,හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ඕනෑම ආයතනයකට මෙම පුහුණු වැඩසටහන් සංවිධානය කරදෙනු ලැබේ. මෙම පුහුණුව කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය පිලිබඳ අංග සම්පූර්ණ පුහුණුවක් වන අතර එක් දින න්‍යාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ලෙස සංවිධානය කරනු ලබයි. තේ හා දිවා ආහාරය හා අත් පත්රිරකා කට්ටලයක් නොමිලේ සැපයේ .
එම මාකඳුර ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මඟින් පුහුණු වැඩසටහන්වලට අමතරව පහත සඳහන් සේවාවන් ලබාදේ.

  1. කාබනික පොහොර නිෂ්පාදකයින් මුහුන දෙන තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ද ලබාදීම .
  2. කොම්පොස්ට්, පස්, ජලය, ශාක කොටස් හි රසායනික සංයුතිය පිලිබඳ විශ්ලේෂණය සිදුකිරීම

විමසීම්

නියෝජ්‍ය අධ්‍යක්ෂ( පර්යේෂණ)
ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය
මාකඳුර, ගෝනවිල, (වයඹ)

දුරකථන අංක :   031 – 2299625

:   031 – 2299805

ෆැක්ස්      

:   031 – 2299707

2. කාබනික පොහොර නිෂ්පාදකයින් ලියාපදිංචි කිරීම

කාබනික පොහොර නිෂ්පාදකයින් දිරිගැන්වීම, කාබනික කාබනික‍ පොහොර නිෂ්පාදකයින් ජාතික වැඩසටහනේ කොටස්කරුවන් බවට පත් කර ගැනීම හා පෙහොර නිෂ්පාදකයින්ගේ ගැටළු වලට ජාතික මට්ටමින් විසඳුම් ලබා දීම අරමුණු කර ගෙන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර අංශය මඟින් දවයින පුරා විසිරී සිටින කාබනික පොහොර නිෂ්පාදකයින් ලියාපදිංචි කිරීම සිදු කරනු ලැබේ.
එමඟින් රටේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමත් කාබනික පොහොර භාවිතා කිරීමට ගොවින් නැඹුරු කිරීමත් එමඟින් භාවිතා කරනු ලබන රසායනික පොහොර වල කාර්යක්ෂමතාවය වැඩි කිරීම හා ඒතුලින් රසායනික පොහොර භාවිතය අඩු කිරීම අපේක්ෂා කරනු ලැබේ.

3. නිෂ්පාදකයින් තම නිෂ්පාදන පිලිබද ලබාගත් විශ්ලේෂණ වාර්තා කාබනික පොහොර අංශයට ඉදිරිපත් කිරීමෙන් තම නිෂ්පාදන වැඩි දියුණු කිරීමට උපදෙස් ලබාදීම සිදුකෙරේ.

4. වාණිජ්‍ය කොම්පොස්ට් නිෂ්පාදන ආයතන බිහිකිරීමට අවශ්‍ය අය සඳහා තාක්ෂණික උපදෙස් ලබාදෙනු ඇත.

5. කොම්පෝස්ට් නිෂ්පාදකයින් හා අලෙවිකරුවන් හා ඒවා භාවිතා කරන්නන් සම්බන්ධ කිරිම තුලින් ඒ ඒ අයට අවශ්‍ය සේවාවන් ලබාදීමට සැලැස්වීම .


Last Updated on බදාදා, 17 ඔක්තෝබර් 2012 08:56

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය