English (UK)SinhalaSriLankaTamilIndia


යාපනය ඇතුළු උතුරු පළාතේ වගා කළ හැකි අපනයනය සඳහා සුදුසු මිදි ප්‍රභේදයක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

ශ්‍රී ලංකාවේ දැනට මිදි වගා කරන ප්‍රදේශ අතරින් වැඩිම අස්වැන්නක් ලබා ගන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි. නමුත් යාපනයේ වගා කෙරෙන මිදි වලින් වැඩි ප්‍රමාණයක් වයින් නිපදවීම සඳහා යොදා ගන්නා අතර එම මිදි පාරිභෝජනයේ දී මහජනතාවගෙන් ඉහළ ඉල්ලුමක් නැති නිසා ඉතා හොඳ තත්වයේ අපනයනය සඳහා සුදුසු මිදි විශේෂයක් හඳුන්වා දෙන ලෙස යාපනයේ ගොවි ජනතාව කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

 

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා ද, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙතින් ඉල්ලීමක් කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත උපදෙස්දුන් අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුව විසින් මිදි සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ පිළිබඳව තොරතුරු විමසීය.

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනට මිදි සම්බන්ධයෙන් නව පර්යේෂණ අරඹා නැති අතර අපේ රටේ වගා කළ හැකි මිදි විශේෂයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව පවසයි. එම පර්යේෂණ කටයුතු කිළිනොච්චිය පිහිටි කෘෂි පර්යේෂණ ආයතනය මඟින් සිදු කිරීමට පියවරගෙන ඇත්තේ මිදි වගාව සඳහා උචිත පස සහ කාලගුණික තත්ත්වයන් එම ප්‍රදේශ තුළ පවතින බැවිනි.

 

ඒ අනුව ඉතාමත් කඩිනමින් යාපනය ප්‍රදේශයේ වගා කළ හැකි මිදි ප්‍රභේදයක් හඳුන්වාදීම සඳහා පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.


Last Updated on අඟහරුවාදා, 18 සැප්තැම්බර් 2018 05:52

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය