English (UK)SinhalaSriLankaTamilIndia


අඟුණකොළපැලැස්ස මහානාග මහා විද්‍යාලයට රුපියල් එක්කෝටි පනස් එක් ලක්ෂයක වියදමින් නව දෙමහල් ගොඩනැගිල්ලක්.

අඟුණකොළපැලැස්ස මහානාග මහා විද්‍යාලයට රුපියල් එක්කෝටි පනස් එක් ලක්ෂයක වියදමින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල පසුගිය දා සිසු අයිතියට පැවරිනි.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද මෙම පාසල් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීම පරිදි මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබූ අතර එම ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු කෙරිනි.

 

පාසල් දරුවන් 1700ක් අධ්‍යාපනය හදාරන මෙම පාසලේ මෙතෙක් පැවති ඉඩකඩ සම්බන්ධ අඩුපාඩු සපුරාලමින් ඉදිකල මෙම ගොඩනැගිල්ලට සියලුම පාසල් උපකරණ ලබා දීමට ද පියවර ගැනිනි.

 

මෙම අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සෑම පාසලකම පලතුරු උද්‍යානයක් ලබා දීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අරඹන බවයි.ඒ ඒ ප්‍රදේශවලට අවේනික, පහසුවෙන් වගා කළ හැකි පළතුරු පැළ සහ බීජ මෙන් ම අවශ්‍ය තාක්ෂණික පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දෙන අතර පාසල් දරුවන් හා ගුරුභවතුන්ගේ දායකත්වයෙන් පාසල් පළතුරු උද්‍යාන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද, එම ව්‍යාපෘතිය අඟුණකොළපැලැස්ස මහානාග මහා විද්‍යාලයෙන් අරඹන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

මෙම අවස්ථාවට එම පාසලේ ගුරුභවතුන් මෙන් ම පාසල් දරුවන්ගේ මව්පියෝ ද සහභාගී වී සිටියහ.


Last Updated on අඟහරුවාදා, 18 සැප්තැම්බර් 2018 04:02

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය