English (UK)SinhalaSriLankaTamilIndia


2018 මාස් කන්නය සඳහා පොහොර සහනාධාරය ලබා දීම අද සිට ක්‍රියාත්මකයි.

රජය විසින් අප රටේ ගොවි ජනතාව සඳහා ලබාදෙන ‍පොහොර සහනාධාරය වැඩපිළිවෙල යටතේ 2018 මහ කන්නය සඳහා සහනාධාර වශයෙන් පොහොර ලබා දීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

 

2018 මහ කන්නය පොහොර ලබා දීම පිළිබඳ පොහොර නිකුත් කිරීම පිළිබඳ 2/2018 නව චක්‍රලේඛය සම්බන්ධයෙන් දිවයිනේ සියලුම කෘෂි නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද දින පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවට ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම, කොමර්ෂල් පොහොර සමාගම ඇතුළු සියලුම අංශ නියෝජනය කරන නිලධාරීහූ සහභාගී වුහ.

 

2015 වත්මන් රජය ආණ්ඩුව භාර ගන්නා විටත්, කලින් පැවති රජය පොහොර ණයට ගැනීම නිසා රුපියල් කෝටි 2700ක මුදලක් සමාගම්වලට ණය වී තිබු අතර ,එම ණය ගෙවන තෙක් පොහොර ලබා නොදීමට පොහොර සමාගම් තීරණය කර තිබු බව කී අමාත්‍යවරයා වත්මන් රජය එම ණය සියල්ල මේ වන විටත් ගෙවා අවසන් වී ඇති බවත්, පොහොර සහනාධාරය සඳහා 2018 වසරේ රජය වැය කරන මුදල රු.මි.35000ක ඉක්මවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

 

විශේෂයෙන්ම රජය නොමිලයේ ගොවීන්ට පොහොර ලබා දෙන අතර, අපේ රටේ පොහොර අධි භාවිතය නිසා ලබාදෙන පොහොරවලින් 30%ක් අපතේ යන බවත්, කඳුකර ප්‍රදේශවල අපතේ යන පොහොර ප්‍රමාණය 50%ක් තරම් ඉහළ මට්ටමක පවතින බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් කළ සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

 

කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා රජය වැඩපිළිලෙක් ක්‍රියාත්මක කර තිබෙන අතර කාබනික වී ගොවිතැනේ නිරතවන ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රු.18000ක මුල්‍ය ප්‍රතිපාදන හෙක්ටයාර් එකක් වෙනුවෙන් ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

කෙසේ වුව ද ගොවීන් වෙත ලබා දීය හැකි සියලු පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන අතර, ලබන වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදන අතිරික්තයක් ඇතිවනු ඇතැයි රජය විශ්වාසය පල කරන බවත් කීය. එමෙන්ම 2018 යල කන්නයේ දී පොහොර ලබා දීමේ දී කිසිදු හිඟයකින් තොරව ගොවීන් වෙත පොහොර නිකුත් කිරිමට රජයට හැකි වුවා මෙන්ම 2018 මහ කන්නයේ දී ද කිසිදු ගැටළුවකින් තොරව පොහොර ලබා දීම සඳහා අද(7) සිටම පොහොර නිකුත් කිරීමේ කටයුතු අරඹන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.


Last Updated on අඟහරුවාදා, 11 සැප්තැම්බර් 2018 05:13

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය