English (UK)SinhalaSriLankaTamilIndia


"වැව් දහසක් ගම් දහසක්" වැඩපිළිවෙල යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

 

 

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය යටතේ වැව් සහ ගම් ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පළමුවෙනි වැඩසටහන ඊයේ (06) මහනුවර පිළිමතලාව දියකෙළිනාවල අමුණ ප්‍රතිසංවර්ධනය කිරීම ආරම්භ විය.

 

ඛෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් දියකෙළිනාවල අමුණ සංවර්ධනය කිරීම ආරම්භ වූ අතර මෙම ව්‍යාපෘතිය සඳහා වැයකරන මුදල රු.මි.02කි. මෙම අමුණ යටතේ මෙතෙක් පුරන් වී තිබුණු කුඹුරු හෙක්ටයාර් 24 ක් යළි අස්වැද්දීමට හැකිවන අතර පිළිමතලාව දොඩමවල පුරාණ රජමහා විහාරය අසලදී එම අමුණ ඉදිකිරීම ආරම්භ විය.

 

මෙයට සමගාමීව එම ප්‍රදේශයේ වගා කළ හැකි පලතුරු පැළ බෙදාදීම ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කෙරිණ.මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මහනුවර දිසිත්‍රික්කයේ ප්‍රථම කෘෂි ආදර්ශ ගම්මානය වශයෙන් දොඩම්පහළ ගම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිසංවර්ධනය කරන බවයි.මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබාදෙන අතර ග්‍රාම සංවර්ධනයේ දී ගමේ පන්සල සහ නායක ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත එම කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා කීය.


Last Updated on අඟහරුවාදා, 11 සැප්තැම්බර් 2018 05:11

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය