English (UK)SinhalaSriLankaTamilIndia


පැළ අලෙවි කිරීමේදී ඵල හටගන්නා ගුණාත්මකභාවයෙන් ඉහළ පැළ ගොවීන් වෙත ලබා දීමට සැමවිටම කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සමස්ත ලංකා පැළ තවාන් හිමියන්ගේ සංගමයේ වාර්ෂික මහා සමුළුවේ දී ඉල්ලීමක් කරයි

 

සමස්ත ලංකා පැළ තවාන් හිමියන්ගේ 2018 වාර්ෂික මහා සම්මේලනය අද (09) දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වූ අතර අමාත්‍යාංශ ලේකම් බී. විජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මේවනවිට ක්‍රියාත්මක කර තිබෙන අපි වවලයි - අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙලේ එක් අදියරක් වන “ සරුපිරි ගෙවත්තක් ” පලතුරු පැළ කට්ටල ලක්ෂයක් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන පලතුරු පැළ ලබාදීමට සමස්ත ලංකා පැළ තවාන් හිමියන්ගේ සංගමය එකඟත්වය පළ කළේ ය.

 

මෙහිදී  අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලතුරු පැළ අලෙවි කිරීමේ දී ඵල හටගන්නා ගුණාත්මකභාවයෙන් ඉහල පලතුරු පැළ මහජනතාවට අලෙවි කිරීමට සැමවිටම පියවර ගන්නා ලෙස සමස්ත ලංකා පැළ තවාන් හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කළේ ය.

 

නාගරිකව ජිවත්වන ජනතාව කුමන හෝ පැළයක් මිලදීගෙන තම ගෙවත්තේ සිටුවීමට කැමත්ත පල කරති. එහෙත් නාගරිකව වෙසෙන බොහෝදෙනෙක් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කරනුයේ තමන් මිලදී ගත් පැළ වගා කළ ද ඒවායේ කිසිදු ඵල හටගැනීමක් නොවීම නිසා ඔවුන් මහත් අසීරුතාවයට පත්වන බවයි. එම නිසා ගුණාත්මකභාවයෙන් ඉහළ පලතුරු පැළ මහජනතාවට ලබා දීම මහත් පුණ්‍යකර්මයක් බව කී අමාත්‍යවරයා පැළ අලෙවි කර මහජනතාවට රවටන්නේ නම් එය මහත් පාපකාරී ක්‍රියාවක් බව ද අවධාරණය කළේ ය.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන සරු පිරි ගෙවත්තක් වැඩපිළිවෙල යටතේ සෑම නිවසකම තමන්ට අවශ්‍ය පලතුරු සහ එළවළු පැළ රෝපනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මකය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, හදබිම අධිකාරිය වැනි ආයතන රැසක් ඊට දායකත්වය පල කර තිබේ. එම නිසා මෙම වැඩපිළීවෙලවල් සාර්ථක කර ගැනීමට සමස්ත ලංකා පැළ තවාන් හිමියන්ගේ සංගමයේ සහයෝගය ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.

 

 


Last Updated on බ්‍රහස්පතින්දා, 09 AUGUST 2018 10:48

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය