English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂිකාර්මික ජල ඵලදායිතාවය වැඩිදියුණු කිරීම සහ නව නිපැයුම් තාක්ෂණ සම්බන්ධයෙන් වැඩමුළුවට රටවල් 15ක නියෝජිතයෝ සහභාගී වෙති.

ආසියානු ඵලදායිතා සංවිධානයේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද කෘෂිකාර්මික ජල ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා නව නිපැයුම් තාක්ෂණය වැඩමුළුව 2018.07.23 දින ගල්කිස්ස Berjaya හෝටලයේදී ආරම්භ විය.

 

මෙම සමුළුවට APO හෙවත් Asian Productivity Organization සංවිධානය නි‍යෝජනය කරන සාමාජික රටවල් වන බංගලාදේශය, කාම්බෝජය, තායිවානය, ෆිජී, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ලාඕසය, මැලේසියාව, මොංගොලීයාව, නේපාලය, පකිස්ථානය, පිලිපීනය, තායිලන්තය, වියට්නාමය ආදී රටවල් 15ක නියෝජිතයෝ සහභාගි වී සිටිය හ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව අද දින ආරම්භ වූ අතර මෙහි අරමුණු වන්නේ ගොවීන්ට හිතකරලෙස ජල සම්පත් කලමනාකරණය දිරි ගැන්වීම සඳහා නවීන කෘෂිකාර්මික ක්‍රමවේදයන් හඳුන්වා දීම, ගොවීන්ට හිතකර ජල සම්පාදන ක්‍රම දිරිගැන්වීම, ජල භාවිතයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය ඉහළ නැංවීම, ඩිජිටල් තාක්ෂණය ඉහළ නැංවීමත් ය.

මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යාංශ ලේකම් බී. විජයරත්න මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තුළින් ගොවිජනතාවගේ ආදායම් මට්ටම් ඉහළ නැංවීම සඳහා සාධනීය වැඩපිළිවෙල රැසක් ගෙන ඇති බවයි. එමෙන්ම ඒ රටවල් වල අත්දැකීම් හුවමාරුව තුළින් කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට එම අත්දැකීම් දායක කර ගැනීමට ද ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වූ බව ද ඒ මහතා සඳහන් කළේ ය.


Last Updated on සදුදා, 23 ජුලි 2018 09:58

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය