English (UK)SinhalaSriLankaTamilIndia


නැවතත් කෘෂි ව්‍යාප්ති සේවය ආරම්භ කරමින් නිලධාරීන්ගේ දැනුම ගොවි ජනතාව වෙත ගෙනයාමට කටයුතු කරනවා

DSC 0188 1

බතලේගොඩ නව පරිපාලන හා පර්යේෂණාගාර තෙමහල් සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා සහභාගී විය.

රුපියල් මිලියන 260 ක පමණ මුදලක් වැයකොට ඉදිකළ මෙම ගොඩනැඟිල්ල මඟින් කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා විශාල කාර්යභාරයක් සිදු කෙරේ.

මෙම අවස්ථාව සහභාගී වෙමින් ගරු අමාත්‍යතුමා සඳහන් කළේ, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍ර‍මුඛ වත්මන් රජයෙන් ඉතා විශාල මුදලක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැය කළ බවයි. මෙහිදී අමාත්‍යතුමා කෘෂි නිළධාරීන්ගේ කාර්යභාරය පිළිබඳව ද අදහස් පළ කළේය.

“කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමේ නිලධාරීන් තුළ තිබෙන දැනුම මිල කළ නොහැකියි. ඒ වගේම ඔවුන් ලබාගන්න අත්දැකීම් මිලකරන්න බෑ. නමුත් ගැටළුව තිබෙන්නේ, මේ දැනුම ගමේ ගොවියාට ගෙනයාම සම්බන්ධවයි. අපි දැන්වත් ඒ දැනුම නිසියාකාරව ගමට ගෙන යාමේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා, ඒ අභියෝගය භාරගත යුතුයි. කෘෂිකර්මාන්තයට අදාළ සෑම අංශයක්ම එකට එකතුවෙලා මේ අභියෝගය ජයගත යුතුයි. අපි මොන දේ අලුතින් හොයාගත්තත් පාරම්පරික දේටම පමණක් යොමු වෙනවා නම්, ඒ කියන්නේ කෘෂි නිලධාරීන් වන ඔබේ අලුත් දැනුම ගමට ගිහින් නැහැ. අපිට අවශ්‍ය මේ අලුත් දැනුම ගමට ගෙනියන්න. ඒ නිසා අද ඉඳන් මේ රාජකාරිය නිසියාකාරව ඉටු කරන්න. ඒ ඒ ප්‍රදේශවලට වඩාත් උචිත බෝගය, බෝග වගාකරන ක්‍ර‍මවේදය, නිෂ්පාදන වියදම අඩුකර ගැනීම ගැන අපට නිවැරදි තොරතුරු ලබාදීලා අලුත් සැලසුම් ඉදිරිපත් කරන්න. ඒ අනුව අපිට පුළුවන් කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් අවශ්‍ය දායකත්වය උපරිමයෙන් ලබාදෙන්න. ”

“මම දකින විදිහට කෘෂි ව්‍යාප්ති සේවය අතරමඟ නතරවීම තුළ නිලධාරීන්ගේ දැනුම ගොවියා වෙතට ගෙනයාම සීමාවුණා. අපි බලාපොරොත්තු වෙනවා ළඟදීම නැවතත්, කෘෂි ව්‍යාප්ති සේවය ආරම්භ කිරීමට. විශේෂයෙන් අපි පසුගිය පළමුවෙනිදා සිට මහනුවර දිස්ත්‍රික්කයෙන් ගම්දොර වැඩසටහන ආරම්භ කළා. එතනදී මධ්‍යම රජයෙන් රුපියල් බිලියන 5ක් පමණ ගමේ ඇළවේලී සෑදීම ඇතුළු ගොවියාට සහන සලසන ව්‍යාපෘති සඳහා ගම වෙනුවෙන් වියදම් කරනවා. ඒ නිසා මේ සහන ප්‍රයෝජනයට ගෙන රටේ ජනතාවට හොඳම දේ ලබා දෙන්න, විශේෂයෙන් කෘෂි ආර්ථිකය සහ ගොවි ප්‍ර‍ජාව ශක්තිමත් කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න.”

මෙම අවස්ථාව සඳහා ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මැතිතුමා, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා මහතා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

 


Last Updated on බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2016 08:18

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය