English (UK)SinhalaSriLankaTamilIndia


දේශීය අර්තාපල් බීජ නිෂ්පාදනය දිරිගැන්වීම කඩිනමින්

ආනයනික බීජ අර්තාපල් සඳහා දරන අධික පිරිවැය අවම කිරීමට දේශීය බීජ අර්තාපල් නිෂ්පාදනය ප්‍ර‍වර්ධන කරන බව ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා සඳහන් කළේ ය.

එතුමා මේ බව ප්‍ර‍කාශ කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණපාන ගැටළු හඳුනාගැනීම සහා තෙදින විශේෂ ක්ෂේත්‍ර‍ චාරිකාවක නියැලෙමිනි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍ර‍ධාන ආර්ථික බෝගයක් වන අල, වගාකිරීමේ දී, ගොවීන් මුහුණ පාන ප්‍ර‍ධානම ගැටළුව වන්නේ බීජ අර්තාපල් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවිමයි. ආනයනික බීජ අර්තාපල් හොණ්ඩරයක් මිලදී ගැනීමට රුපියල් 14000-15000ක් පමණ මුදලක් දැරීමට සිදුවන නිසා ලබන ආදායම අවම මට්ටමක පවතී. බීජ අර්තාපල් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම තුළින් බීජ හොණ්ඩරයක් රු.7000 ක පමණ මුදලකට මිලදී ගැනීමට හැකිවන බැවින් අර්තාපල් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව උදාවේ.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට දේශීය අර්තාපල් බීජ නිෂ්පාදනය දිරිගැන්වීමේ වැඩපිළිවෙල ශක්තිමත් කළ යුතු බව අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු සියලු වගකිව යුතු නිලධාරීන් සම්බන්ධ කරගනිමින් බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය හරිතාගාර පහසුකම් ඇතුළු තාක්ෂණික මෙවලම් සහ තාක්ෂණික සහාය ලබාදීමට පියවරගන්නා බව ද අමාත්‍යතුමා ප්‍ර‍කාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමා සඳහන් කළේ නුවරඑළිය ගොවින් මුහුණපාන ප්‍ර‍ධානම ගැටළුව වන බීජ අර්තාපල් ගැටළුවට අමතරව සෙසු ගැටළු සඳහා ද ඉදිරියේ දී කඩිනම් විසඳුම් ලබා දෙන බවයි.

තම ගැටළු සොයාබැලීමට කෘෂිකර්ම අමාත්‍යතුමා පැමිණීම සම්බන්ධයෙන් ගොවීන් සිය ප්‍ර‍සාදය පළ කළ අතර මෙහිදී ඊට ප්‍ර‍තිචාර දක්වමින් අමාත්‍යතුමා සඳහන් කළේ, දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නංවමින් ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාව වන බවයි.

 

 


Last Updated on සිකුරාදා, 16 දෙසැම්බර් 2016 06:32

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය