English (UK)SinhalaSriLankaTamilIndia


2018 මහ කන්නය තුළ කිසිදු පොහොර හිඟයක් ඇති නොවීමට වගා බලා ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

2018 / 2019 මහ කන්නය මේ වනවිට ආරම්භ වී ඇති අතර කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ 08ක් ඉක්මවූ කුඹුරු ප්‍රමාණයක් මෙවර වී වගාව සහා අස්වැද්දීමේ කටයුතු මේ වනවිට අරඹා ඇත.

මෙවර මහ කන්නයේ පොහොර සහනාධාරය යටතේ ලබාදෙන සියලු පොහොර හියකින් තොරව ලබාදීම සහා ගතයුතු ක්‍රියාමාර්ගත් දැනට පොහොර අවශ්‍යතාවයන් පිළිබව සොයා බැලීම සහා ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (29) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රගති සමාලෝචනය පැවැති අතර එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

දැනට අවශ්‍ය කරන සියලුම පොහොර වර්ග ලක් පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම සතුව පවතින අතර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල ඉල්ලීම පරිදි අවශ්‍ය තරම් පොහොර තොග බෙදා හැර ඇතැයි පොහොර ලේකම් කාර්යාලය සහන් කළේය.

මේ දිනවල අධික වර්ෂාවක් බොහෝ ප්‍රදේශවලට ලැබෙන බැවින් ඇතැම් ගොවීන්ට නැවත නැවතත් කුඹුරු අස්වැද්දීමට සිදුව තිබෙන නිසා එම ගොවීන්ට ද අපහසුවකින් තොරව පොහොර මිලදී ගැනීම සහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, කිසිදු හියකින් තොරව පොහොර බෙදා හැරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අදාළ නිලෙධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙවර මහ කන්නය සහා අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙ.ටො 37,500 කි.එමෙන්ම ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) මෙ.ටො 1,50,000ක් වන අතර මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මෙ.ටො 46,000කි.


Last Updated on සිකුරාදා, 30 නොවැම්බර් 2018 09:12

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය