කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණයේ නම අමාත්‍ය මණ්ඩලය විසින් 2018/08/21 දින දෙන ලද අනුමැතිය පරිදි “ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය” ලෙස සංශෝධනය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත.
එම ආයතනයේ ලිපිනය පහත දැක්වේ.
ලිපිනය - ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය
ප්‍රධාන කාර්යාලය
නො.28,
බත්තරමුල්ල පාර,
ඇතුල් කෝට්ටේ.
දුරකතන අංකය - 0112866846 / 0112887899