English (UK)SinhalaSriLankaTamilIndia


2018/19 මාස් කන්නයේ වගාව සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට පියවර.

මෙවර මහ කන්නයේ වී වගාව සහ අනෙකුත් වගාවන්ට නිකුත් කරන පොහොර වර්ග කිසිදු හිඟයකින් තොරව මිලදී ගැනීමට ගොවි ජනතාවට අවස්ථාව සලසන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර බෙදා හැරීම් කටයුතු කරන නිලධාරීන්ට අද (02) දින උපදෙස් දෙනු ලැබී ය.

 

2018/19 මහ කන්නය සඳහා පොහොර ලබාදීම සම්බන්ධයෙන් අද දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවට ජාතික පොහොර ලේකම් කාර්යාලය , ලංකා පොහොර සමාගම , කොමර්ෂල් පොහොර සමාගම ඇතුළු ආයතනවල නිලධාරීන් සහභාගි විය.

 

2018/19 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙ.ටො 37,500 කි.එමෙන්ම ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) මෙ.ටො 1,50,000ක් වන අතර මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මෙ.ටො 46,000කි.

 

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ ප්‍රකාශයට පත්කරන ලද පරිදි වී සඳහා ලබාදෙන යුරියා පොහොර 50 Kg ක මල්ලක් රු. 500කටද , සෙසු අතුරු බෝග සඳහා ලබාදෙන 50 Kgක මල්ලක් රු. 1000කටද ලබාදීමට තීරණය කර ඇති නිසා පොහොර සඳහා ඉල්ලුම ඉහළ යා හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර හිඟයකින් තොරව පොහොර ලබා ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක් කරන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

 

එමෙන්ම මෙවර මාස් කන්නයේ බඩඉරිඟු , උඳු ඇතුළු ධාන්‍ය වර්ග වැඩිපුර අක්කර සිය ගණනක වගා කෙරෙන බැවින් රසායනික පොහොර සඳහා පවතින ඉල්ලුම ඉහළ යා හැකි නිසා ඊට අවශ්‍ය පියවර ගන්නැයි ද අමාත්‍යවරයා නිලධාරීන්ට පැවසීය.


Last Updated on සිකුරාදා, 02 නොවැම්බර් 2018 09:57

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය