English (UK)SinhalaSriLankaTamilIndia


මධ්‍යම කඳුකරයේ වගා කෙරෙන බෝග සඳහා පොස්පරස් අවම පොහොර වර්ග නිර්දේශ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වේ.

 

මධ්‍යම කඳුකරයේ වගා කෙරෙන එළවළු ඇතුළු සියලු බෝග වර්ග සඳහා භාවිත කෙරෙන පොහොරවලදී පොස්පරස් අවම පොහොර වර්ග නිර්දේශ කිරීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත.

 

ඊයේ (25) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී බෝග වගාව සඳහා රසායනික පොහොර භාවිත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ පොහොර පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන් රැසක් සහභාගී විය. එම විද්වතුන් අවධාරණය කර සිටියේ මධ්‍යම කඳුකරයේ පාංශු ස්ථරයෙහි අඩංගු ස්වභාවික පොස්පරස් ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවයි. මේ නිසා පොස්පරස් බහුල රසායනික පොහොර යෙදීම තුළින් පස නිසරුවීම මෙන්ම පසෙහි ශක්‍යතාවය විනාශ වන බවත්, අවසානයේ පස මියයන බවත්, කිසිදු බෝග වර්ගයක් වගාකළ නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවත් එම විද්වත්හු අවධාරණය කළහ.

 

මෙම කාරණය සැලකිල්ලට ගනිමින් මධ්‍යම කඳුකරයේ මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලද පස්වල අඩංගු වන පොස්පරස් ප්‍රතිශතය සැලකිල්ලට ගනිමින් රසායනික පොහොර යෙදීම සම්බන්ධයෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙලක් වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

 

ඒ අනුව පළමු පියවර යටතේ මධ්‍යම කඳුකරයේ බෝග වගාව සඳහා යොදා ගන්නා රසායනික පොහොර වලදී අවම පොස්පරස් ප්‍රමාණයක් සහිත පොහොර වර්ග හඳුන්වා දීමට හා නිර්දේශ කිරීමට තීරණය කරනු ලැබීය.


Last Updated on සිකුරාදා, 26 ඔක්තෝබර් 2018 06:42

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය