English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂිකර්ම අංශ නවීකරණය කිරීමේ ජාතික කෘෂිකාර්මික ප්‍රදර්ශනය දෙසැම්බරයේදී.

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය හා අන්තර්ජාතික සංවර්ධන සංගමයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

 

කෘෂිකර්ම අංශ නවීකරණ පිළිබඳව ගොවි ජනතාව සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් දැනුම්වත් කිරීම සඳහා වන අන්තර්ජාතික කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25) දින ප්‍රකාශ කළේ ය.

 

අස්වැන්න 2018 ( Harvest - 2018 ) යනුවෙන් නම් කර ඇති මෙම කෘෂිකාර්මික ප්‍රදර්ශනය දෙසැම්බර් 11 දින සිට 16 දින දක්වා BMICH හිදී පැවැත්වෙන අතර, එම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

 

මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ මෙරට කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා යොදා ගත හැකි අතිනවීන තාක්ෂණය සහ අධි තාක්ෂණික උපකරණ භාවිතය, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) ක්‍රියාත්මක කිරීම, කෙටි කලකින් අස්වැන්න ලබා ගත හැකි බෝග වර්ග හඳුන්වා දීම, දේශිය හා විදේශීය ගැනුම්කරුවන්ට අවස්ථාව සලසා දීම, නව තාක්ෂණික උපකරණ භාවිතයෙන් ක්‍රියාත්මක වන නව වගා සංවර්ධන කලාප හඳුන්වා දීම, පුද්ගලික හා රාජ්‍ය අංශයේ මැදිහත්වීම යටතේ වෙළඳපොළ සකස් කිරීම වැනි කරුණු රැසක් පිළිබඳ මෙම ප්‍රදර්ශනයේ අවධානය යොමු කර තිබීමයි.

 

මෙම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අද (25) දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවති අතර, එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ මෙවර මහ කන්නයේදී ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව තමන් විශ්වාස කරන බවයි. දැනට ලැබෙන වර්ෂාව අනුව ලංකාවේ සෑම ප්‍රදේශයකම වැව් ජලයෙන් පිරීගොස් තිබෙන නිසා අපේක්ෂිත වී අස්වැන්න ලබා ගැනීමට හැකිවුවහොත් ලබන වසරේදී පිටරටින් සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් පැන නොනැඟෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

මෙම අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන්, කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය රොහාන් විජේකෝන්, එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ටුලානි වීරකෝන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.


Last Updated on බ්‍රහස්පතින්දා, 25 ඔක්තෝබර් 2018 10:19

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය