English (UK)SinhalaSriLankaTamilIndia


වී අලෙවි මණ්ඩලයෙන් සහල් නොවැම්බර් මාසයේ සිට

 

වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගන්නා වී සහල් බවට පත් කර ඒවා වෙළදපල වෙත යොමු කිරීමේ වැඩපිළිවෙල නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කරන්නයැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතාට උපදෙස් දුන්නේය.

 

ඒ අනුව “PMB Rice” වෙළ නාමය යටතේ සකස් කරන ලද සහල් කිලොග්රෑම් පහ සහ දහය වශයෙන් ඇසුරුම් කර සතොස ඇතුළු වෙළසැල් වෙත නිකුත් කිරීමට තීරණය කර තිබේ.එම සහල් නොවැම්බර් මාසයේ සිට වෙළඳපලට නිකුත් කෙරේ.

 

සහල් සම්බන්ධයෙන් පාලන මිලක් පැනවීමට රජයේ අවධානය යොමු වී ඇති අතර, පසුගිය සතියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රසිද්ධ සහල් සැකසුම් ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡා කළේය. ඒ අනුව වෙළඳපලට සපයන සහල්වලින් කිලෝවක මිල රු.10 /= බැගින් අඩු කිරීමට සහල් සැකසුම් ව්‍යාපාරිකයෝ එකත්වය පළ කළේය.

 

කෙසේ වුවද ලබන වසරේ සිට සහල් සඳහා පාලන මිලක් පැනවීමට රජයේ අවධානය යොමු වී ඇති අතර, ජීවන වියදම් කමිටුවට ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

 

වී අලෙවි මණ්ඩලය විසින් ලංකාවේ පළමුවරට සහල් නිකුත් කිරීමට තිරණය කර තිබෙන්නේ වෙළඳපල තුළ සහල් මිල ඉහළ යාම පාලනය කරමින් පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහා බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.


Last Updated on අඟහරුවාදා, 16 ඔක්තෝබර් 2018 06:22

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය