English (UK)SinhalaSriLankaTamilIndia


ඇවන්ගාඩ් සමාගමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉඩම් අක්කර 5000ක් ලබාදුන් බවට සිදු වන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යයයි. අමාත්‍යාංශ ලේකම් පවසයි

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ බඩඉරිඟු වගාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින්නේ ගොවිබිම්, බීජ ගොවිපොළවල්, පර්යේෂණ මධ්‍යස්ථාන පමණක් බවයි, සුමේධ පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ. එසේම කෘෂිකාර්මික උපදේශන සේවය හා තාක්ෂණික සහාය ලබාදීම කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කාර්යභාරය වන බවත්, පවසන ලේකම් සුමේධ පෙරේරා මහතා අදාළ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම මඟින් පවත්වාගෙන යන බඩඉරිඟු ගොවිපලක් සඳහා උපදේශන හා තාක්ෂණ සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පවසනවා, එම සහාය ඕනෑම කෘෂි ගොවිපොළක් සඳහා ලබා දීම අමාත්‍යාංශයේ වගකීම බවයි, ඒ මහතා පෙන්වා දෙන්නේ. එම නිසා ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන සියලු වාර්තා සත්‍යයෙන් තොර බව ද අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා අවධාරණය කරනවා.

ගොවිකම රජකරවූ අපේ අගමැති

1952 ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සාමාජිකයා වූ දිවංගත අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිඳුන් මෙරට ජන හදවත් තුළ නොමැකෙනා ප්‍රගතිශීලී දේශපාලන ප්‍රතිරූපයකි. 1970 වර්ෂයේ පාර්ලිමේන්තුවට පිවිසෙන දි.මු. ජයරත්න මැතිඳුන් දේශපාලන දිවිය ගම් සභාවෙන් ආරම්භ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් අමාතයවරයෙකු, ජනාධිපතිවරු, අගමැතිවරු බිහිකළ රටේ පාලන බලය ඇල්ලූ පක්ෂයක මහලේකම්වරයෙකු ලෙස ඉදිරියටම ගොස් මෙරට 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමා දේශපාලනයේ ඉහළම තනතුර දක්වා ගමන් කළේය.

 

මෙරට කෘෂිකර්මයත් දි.මු. ජයරත්න නාමයත් එකට බද්ධ වී තිබේ. දිවංගත මාහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමත් හෙක්ටර් කොබ්බෑකඩුව වැනි මෙරට කෘෂිකර්මය පුනරුදයක් කරා රැගෙන ගිය කෘෂිකර්ම ඇමතිවරුන්ගේ ගොන්නට මෑතකාලීනව වැඩක්කර නමක් තබන්නට ආචාර්ය දි.මු. ජයරත්නයන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කළකී දෑ බොහෝය.

 

ලෝක බැංකුවේ දැඩි විරෝධය හමුවේ වුවද ගොවියාගේ පැත්තේ හිටගනිමින් පොහොර සහනාධාරය මෙරටට හඳුන්වා දෙන්නේ දි.මු. ජයරත්න මැතිතුමාය. එතුමන් කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි සමයේ රට සහලින් ස්වයංපෝෂිත කළේය. 2007 වර්ෂයේ සහල් මෙට්‍රික් ටොන් 2000 ක් අපනයනය කිරීමට හැකිවූයේ එතුමාගේ ධූරදර්ශී වැඩපිළිවෙල තුලයි. වගා ලංකා වගා සංග්‍රාමය, ගොවි විශ්‍රාම වැටුප බලගැන්වීම, ගොවිසෙවණ මන්දිර ඉදිකිරීම, රට පුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකාර්මික සංවර්ධනයට ක්ෂේත්‍ර නිලධාරීන් 11,000 ක් බඳවා ගැනීම ඇතුළු දැනෙන වැඩසහන් රැසකින් කෘෂිකර්ම පුනරුදයක් ඇතිකිරීමට ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා කෘෂිකර්මඅමාත්‍යවරයා ලෙස ප්‍රායෝගික වැඩ කළේය. ගොවිජන මන්දිරය ඉදිකොට අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන එකම වහලක් යටට ගෙන ගොවියාට පහසුකම් දෙන්නට එතුමා ධූරදර්ශී විය. ගොවියාගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගොවිසෙත ලොතරැයිය හඳුන්වා දී අනාගතයට ඵලදායී වැඩකළ කෘෂිකර්ම අමාත්‍යවරයා ඔහු බව විවාදයක් නැත. එවකට පැවති ත්‍රස්තවාදී තර්ජන හමුවේ වුවද දිවයින පුරා සංචාරය කරමින් දි.මු. ජයරත්න කෘෂිකර්ම අමාත්‍යවරයා මෙරට ගොවියාට පණ දුන්නේය.

 

2000 වර්ෂයේ දී ලෝක ආහාර සංවිධානයේ ආසියා ෆැසිපික් කලාපීය සභාපතිවරයා ලෙස ආචාර්ය දි.මු. ජයරත්නයන් තෝරා ගත්තේ කෘෂිකර්මයට එතුමා දැක්වූ දායකත්වයට ලෝක ප්‍රජාවගේ ද ඇගයීමක් ලෙසිනි. ජාත්‍යන්තරව අප රටට ඒ තුළින් කීර්තිය අත්කරදෙන්නට එතුමා සමත්විය.

 

2010 වසරේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම බුද්ධ ශාසන අගාමික කටයුතු අමාත්‍යවරයා ලෙස 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය උත්කර්ෂවත්ව සංවිධානය කරමින් සම්බුද්ධ ශාසනයට ලොවපුරා නව ප්‍රබෝදයක් ඇති කිරීමට එතුමාට හැකිවිය. ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය හා ආගමික මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා දි.මු. ජයරත්න මැතිතුමාය. 1931 ගම්පොළ දොළුව ප්‍රදේශයේ උපත ලබා දොළුව විද්‍යාලයේ ගුරු වෘත්තියෙන් වෘත්තීය ජීවිතය ආරම්භකොට ගම් සභාවේ සිට රටේ අග්‍රාමාත්‍යවරයා දක්වා ගමන්කොට මෙරට ජන හදවත්වල අමරණීය නොමැකෙන මතකයන් හා අහිංසක ජනතාව වෙනුවෙන් සදාකල් පවතින වැඩ රැසක් ඉටුකළ ආචාර්ය දි.මු. ජයරත්න මැතිඳුන් 2019 නොවැම්බර් 19 වනදා දිවි ගමනට සමු දුන්නේය. එතුමන් අප අතරින් සමුගෙන වසරක් පිරෙන විටත් රටපුරා ජනහදවත් තුළ එතුමා තවමත් නොමැරී ජීවත්වෙන්නේ සිය දේශපාලන දිවිය තුළ ගැමිකම හඳුනාගෙන, ගැමි ගැටළු හඳුනාගෙන, ගොවි ගැටළු හඳුනාගෙන පොතට එහා ගොස් ප්‍රායෝගිකව එතුමා කළ අනුපමේය සේවය නිසාමය.

සේනා මර්දනය පාලනය සහ හානි වූ වගාවන්ට වන්දි ලබා දීම පිළිබදව සතිපතා ලිඛිතව අගමැතිතුමා දැනුම්වත් කරන ලෙස කෘෂිකර්ම ඇමතිට උපදෙස්.

සේනා දළඹුවා මර්දනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබදව සතිපතා ලිඛිතව අග්‍රාමාත්‍යතුමාට ලබාදෙන්නැයි අගමැතිවරයා පී.හැරිසන් අමාත්‍යවරයාට දැනුම් දීමක් සිදු කර ඇති බව ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති කෘෂි නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා පැවසීය.

 එහිදී වගා හානි වූ ගොවීන් සහා වන්දි ලබාදීම කඩිනමින් කරන්නැයි අමාත්‍යවරයා විසින් නිලාධාරීන්ට උපදෙස් දෙන ලදි.අග්‍රාමාත්‍යතුමා විසින් මුදල් අමාත්‍යාංශය වෙත කඩිනමින් මුදල් වෙන්කිරීම උදෙසා නියෝග ලබාදුන් බව අමාත්‍යවරයා කීය.

 

 ඇතැම් පුවත්පත්වල සේනා දළඹුවා මර්දනය කිරීම සහා අවශ්‍යතාවයක් පවතිනවා යැයි ඉල්ලීම් සිදුකර ඇති ඕනෑම අයෙකුට මේ වෙනුවෙන් මැදිහත්වීම් සිදුකළ හැකි බව අමාත්‍යවරයා පැවසූ අතර,මාධ්‍ය ආයතන කළ මෙහෙවර අමාත්‍යවරයා විසින් සිය පැසසුමට ලක් කරන ලදි.

 

 දළඹුවා මර්දනය කිරීම සහා රසායනික ද්‍රව්‍ය 5ක් මේවනවිට වෙළපොළට හුන්වා දී ඇති බවත් , මර්දනය කිරීමට සහ පාලනය කිරීමට අවශ්‍ය ස්වාභාවික ක්‍රමවේද අනුගමනය කරනවා නම් , එය ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවනු ඇතැයි අමාත්‍යවරයා කීය.මේවන තෙක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සේනා දළඹුවා මර්දනයට කිසිදු පියවරක් නොගෙන ඇතැයි නගන චෝදනාවට අමාත්‍යවරයා මෙසේ කීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිසිම කාර්යයක් කළේ නැහැ කියලා ඇතැම් අය මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියනවා.ඒ කියන්නේ අපි සියඹලා ගෙනල්ලම නැති ගාණයි.මා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් මොහොතේ සිට කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නිලධාරීන් මේ දළඹුවා මර්දනයට සහ පාලනයට දැඩි කැපවීමෙන් කටයුතු කළා.ඒ වගේම දැන් කියනවා මේ දළඹුවා බඩඉරිුවලිව් වී වගාවටත් , වී වගාවෙන් රනිල බෝගවලටත් , රනිල බෝගවලින් සිංහරාජ අඩවියටත් බෝ වෙනවා කියලා.සමහරු කිව්වා මේ සියල්ලන්ට ගිනි තබා විනාශ කළ යුතුයි කියලා.ඇතැම් අය හය හතරක් නොදැන රටට ගිනි තියන්න දගලනවා.මේ වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධන බලකායක් නම් කරලා තියනවා.ඇතැම් රසායනික සමාගම් අමාත්‍යාංශයට උවදුර පාලනය කරගන්න රසායනික ද්‍රව්‍ය තොග පිටින් ගේනවා.මේ කූඨ උපායන් අපි හොින් දන්නවා.සේනා මැඩලන්න දෙපාර්තමේන්තුවත් අපිත් වගකීමෙන් කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

 

 මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ් වීරකෝන් මහතා ඇතුළු කෘෂි නිලධාරීන් සහභාගී විය.

ගරු අමාත්‍යතුමා සහභාගී වන නිල උත්සවය - මාධ්‍ය අනුග්‍රහය

 

අධ්‍යක්ෂ ප්‍රවෘත්ති/ කර්තෘ

 

තුරේ ගොවීන් මුහුණ දෙන ගැටලු වලට කඩිනම් විසදුම් ලබා දීම

 

දිනය                      -        2020.09.15 , 2020.09.16

 

කාරණය            -          තුරේ ගොවීන් මුහුණ දෙන ගැටලු වලට කඩිනම් විසදුම් ලබා දීමේ අරමුණෙන් ක්‍රියාවට නැංවෙන ස්වයංපෝෂී ශ්‍රී ලංකාවට ශක්තියක් වූ උතුරේ ගොවියා දිරි ගැන්වීමේ හමුව                                                        කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

 

 

මෙම අවස්ථාවට ජනමාධ්‍ය ආවරණය ලබාදීම සඳහා ඔබ ආයතනයේ මාධ්‍යවේදීන්, රූපවාහිනී කණ්ඩායමක්, ඡායාරූප ශිල්පීන්, සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලමි.

 

ඩබ්. ජේ. ඒ. නාමල් ජයසූරිය,

ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,

077 – 7455175

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

වැඩි විස්තර

වනසතුන්ගෙන් වන වගා හානි වැලැක්වීමේ අධ්‍යයනයක් හෙක්ටර් කොබිබෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය විසින් සිදුකරයි

වන සතුන්ගෙන් සිදුවන බෝග හානිය වලක්වා ගැනීම සඳහා හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු  පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය විසින් විද්වතa අධ්‍යයනයක් සිදුකර ඇත.

 

මේ වන විට අප රටේ වනසතුන් නිසා සිදුවන වාර්ෂික වගා හානිය 40% බව තහවුරු වී තිබේ එම නිසා වනසතුන් කලමනාකරණයට හා බෝග හානිය වලක්වා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර ඇත.

 

2016 දී ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ වනසතුන්ගෙන් බෝග වගාවට වන හානිය එහි සමස්ත අස්වැන්නෙන් 10%ක් බව සිදුකල අධ්‍යනයේදී හෙලිවී ඇත. ඒ අනුව මුං ඇට වගාවෙන් 15%ක් ද ඉරිඟු වගාවෙන් 8%ක් රටකජු වගාවෙන් 9%ක් සහ උක් වගාවෙන් 9%ක අස්වනු හානියක් වනසතුන්ගෙන් සිදුවී ඇතැයි ;හවුරු වී තිබේ.

 

2017 දී යල සහ මහා කන්නවල අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී  කොට්ඨාස 46 ක සිදුකල අධයනයකින් අස්වනු හානිය බඩඉරිු  22%,වී 15%,රටකජු 23%,කුරක්කන් 41%,කවුපි 39%,අඹ 41% ලෙස වගා හානි සිදුවී ඇතැයි වාර්තා වී ඇත.

 

මෙහිදී වගාවන්ට හානිකරන්නන් ලෙස වල් ඌරන්,රිලවුන්,මොණරුන්,දුලේනුන්,වල් අලින් සහ ඉත්තෑවන්ගෙන් වන හානිය අවම කර ගැනීම සහා කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග හදුන්වා දීමට යෝජනා වි තිබේ.

 

ගොවීන් විසින් සතුන්ගෙන් සිදුවන හානිය වලක්වා ගැනීම සහා වායු රයිෆල් මෙන්ම පතුරම් තුවක්කු ද ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇතත්,මේ සහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවදානය යොමු කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ යටතේ විදුලිවැට ඉදිකිරිම්,නව හදුන්වාදීම් සහා පර්යේෂන දිරිගැන්විම්,නිවරදි වගාක්‍රම අනුගමනය,සත්ව ආහාර සහා ඉවහල් වන ශාක සිටුවීම,වන සතුන් විකර්ශක ශාක සිටුවීම වැනි විකල්ප අදහස් යෝජනා විය.

 

පසුගිය වසර කිහිපය තුළ වන සතුන්ගෙන් වන හානිය හේතුවෙන් පලතුරු බෝග වගාවේ හැරෙන්නට සෙසු ආහාර බෝග වගාවන් මින් දළ දේශිය නිෂ්පාදනයට ලබාදෙන දායකත්වය අවම වී ඇත.

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය