English (UK)SinhalaSriLankaTamilIndia


රු.ලක්ෂ 50ක වියදමින් නිවිතිගල වලාවේලියාය සහ මහවෙල්යායට සපයන ප්‍රධාන ඇළ මාර්ගය වසර 15කට පසු ප්‍රතිසංස්කරණය කෙරේ.

image 0001

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පිහිටි වලාවේලියාය සහ මහවෙල්යායට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංවර්ධනය කිරීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය.

 

මෙම ප්‍රධාන ඇළ මාර්ගය කි.මී. 03 ක් වන අතර එය වසර 15කට ආසන්න කාලයක් කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් කර නැත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වැව් දහසක් -  ගම් දහසක් වැඩපිළිවෙල යටතේ මෙම ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගත් අතර ඒ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වැය කරන මුදල රු.ලක්ෂ පනහකි.මෙම ඇළ මාර්ගය ප්‍රතිසංවර්ධනය කිරීම තුළින් මහවෙල්යායේ කුඹුරු හෙක්ටයාර් සියයක් පමණ අස්වැද්දීමේ හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවිතිගල ආසන සංවිධායක මියුරු භාෂිත ලියනගේ මහතාගේ ඉල්ලීමක් පරිදි මෙම ප්‍රධාන ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු අරඹනු ලැබී ය.

එම අවස්ථාවට මියුරු භාෂිත ලියනගේ මහතා ඇතුළු එම ප්‍රදේශයේ ගොවීහු පිරිසක් සහභාගී වූහ.


Last Updated on බ්‍රහස්පතින්දා, 13 සැප්තැම්බර් 2018 08:15

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය