English (UK)SinhalaSriLankaTamilIndia


රු. 2,50,00,000 ක වියදමින් හම්බන්තොට පළල්වැව හා මුල්ගිරිගල වැව සංවර්ධනය කිරීම ඇරඹේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පළමු අදියර යටතේ දිවයිනේ වැව් 758 ක් සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද වැව් දහසක් - ගම් දහසක් වැඩසටහන මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

 

 

වැව් දහසක් - ගම් දහසක් වැඩපිළිවෙල යටතේ රු. දෙකෝටි පනස්ලක්ෂයක වියදමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළල්වැව සහ මුලිගිරිගල වැව යන වැව් දෙක ප්‍රතිසංවර්ධනය කිරීම ඊයේ (30) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.

එම වැව් දෙක ප්‍රතිසංවිධානය කිරීමට අමරතරව එම වැව් යටතේ පිහිටි ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද ආරම්භ විය. ඒ අනුව කෘෂිමාර්ග සංවර්ධනය මෙන්ම වැව් යටතේ ඇති ඇලවේලි ඇතුලු යටි ගං ප්‍රතිසංස්කරණ කටයුතු ද ආරම්භ විය. එමෙන්ම ගෙවතුවගාව සඳහා අවශ්‍ය පලතුරු පැළ වර්ග ද අමාත්‍යවරයා විසින් බෙදාදෙනු ලැබීය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ නිදහසින් පසු මෙරට ගොවි ජනතාවට වැඩිම සහනාධාර ප්‍රමාණයක් ලබාදුන් එකම රජය වත්මන් රජය බවයි. 

වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා - අපි දන්නවා පසුගිය වසර දෙකක කාලය තුල මෙරට විශාල නියඟයක් පැවතුනා. ආහාර නිෂ්පාදනය 30% න් පහත වැටුනා. අපි රජය විදිහට ගොවිජනතාව අතරමන් කළේ නැහැ. නියං සහනාධාර ලබාදීමට පසුගිය දෙවසර තුළ රජය රු. මිලියන 38,000 ක් වැය කළා. ඒ වගේම පොහොර සහනාධාරය ලබාදීමට මේ වසරේ දී රු. මිලියන 33,000 ක් වෙන්කර තිබෙනවා. එපමණක් නොවේ වී, බඩඉරිඟු , සෝයා බෝංචි, මිරිස්, ලොකුළූණු සහ අර්තාපල් සඳහා අපි රජය වශයෙන් කෘෂි රක්ෂණය යටතේ එම වගාවන් රක්ෂණය කර තිබෙනවා. මෙම බෝග වගාකරන ගොවීන්ගෙන් අපි වාරික මුදල් වශයෙන් සත පහක්වත් අය කරන්නේ නැහැ. නමුත් වගා හානි වීමක දී අක්කරයකට රු. 40,000 ක් බැගින් හෙක්ටයාර් එකකට රු. ලක්ෂයක මුදලක් අපි වන්දි වශයෙන් ලබාදෙනවා. ඒ වගේම කාබනික ගොවිතැනේ නිරත වන ගොවීන්ට කාබනික පොහොර මිලදී ගැනීම සඳහා මුදල් ලබාදීමට අපි අවශ්‍ය පියවර ගෙන තියෙනවා.

මීට කලින් පැවති කිසිම රජයක් ගොවිජනතාවට මෙවැනි සහන ලබාදුන්නේ නැති බව මම බය නැතිවම කියනවා. යැයි ද අමාත්‍යවරයා පැවසීය. 

මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


Last Updated on සදුදා, 06 AUGUST 2018 05:45

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය