English (UK)SinhalaSriLankaTamilIndia


2017 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව

04jan

ගත වූ වසරේ කෘෂිකර්මාන්තයේ ඇතිකළ වෙනස ගෙඩි ගණනින් හෝ කිලෝ ගණනින් ගණනය කළ නොහැකි වුවත්" ඒවායේ ප්‍රතිඵල ඉදිරි පරපුරටයි………

2017 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්" කෘෂිකර්ම අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමා පසුගිය වසරේ ජයගත් ඉලක්ක මෙන්ම ඒවායේ දුර්වලතා මඟහරවා ගනිමින් එළඹෙන වසර සඳහා සමස්ත කාර්ය මණ්ඩලයට සුබ පැතුම් එක් කළේ ය.

ගත වූ වසරේ කෘෂිකර්මාන්තයේ ඇතිකළ වෙනස ගෙඩි ගණනින් හෝ කිලෝ ගණනින් ගණනය කළ නොහැකි වුවත්" ඒවායේ ප්‍රතිඵල අනාගතයේදී අත්විඳිය හැකි බව අමාත්‍යතුමා ප්‍රකාශ කළේ ය. මෙරට කෘෂිකර්මාන්තය තුළ මෙතෙක් සිදු කළ නොහැකි වූ කාර්යන් ජයගත නොහැකි වූ ඉල්ලකයන් වෙත ගමන්කිරීමේ භාරදූර කර්තව්‍යය කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමාටත්" ලේකම්තුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් පැවරී ඇති බැවින්" එය තරයේ සිහි තබාගත යුතු බව එතුමා මෙහිදී සිහිපත් කළේ ය.

ස්වකිය විෂය පථය තුළ පැවරුණු රාජකාරි ඉටුකිරීමේදී ජනතාව සහ රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනී මට දක්වන බිය රාජ්‍ය සේවකයාගේ ප්‍රබලම දුර්වලතාවය සහ අඩුපාඩුව බව එතුමා සඳහන් කළේ " ලංකාවේ ළාබාලම මන්ත්‍රීවරයා ලෙසින් ආයතන රැසක වගකීම් ඉටුකළ අමාත්‍යවරයෙතු වශයෙනි. එහිදී නිළධාරීන් සැම විටම අමාත්‍යතුමාගේ හෝ ලේකම්තුමාගේ තීරණය ලැබෙන තුරු ජනතාව වෙනුවෙන් ඉටුකරන රාජකාරිය කල් දැමීම නොකළ යුතු බවත් රාජ්‍ය සේවකයා වෙනුවෙන් ඉහළ නිළධාරීන් වගකීමෙන් කටයුතු කරන බවත් පැවසුවේය. කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කිසිදා නිළධාරීන් ආරක්ෂා කිරීමේ වගකීම පැහැර නොහරින බව ද අමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

ඉදිරි වර්ෂයේදී මාස තුනෙන් තුනට ප්‍රගතිය පිළිබඳ ආවර්ජනයක් කිරීම දැනට සැළසුම් කර ඇති බව එතුමා පැහැදිලි කළේ ය. ඒ අනුව සෑම මාස තුනකට වරක්ම" සිව්වන බ්‍රහස්පතින්දාවේ විශේෂ කාර්ය බලකායක් පිහිටුවා අමාත්‍යාංශයේ විවිධ විෂයන් සඳහා එක් නිලධාරියෙක් බැගින් පත්කර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම එකම ක්‍රමවේදයක් යටතේ ප්‍රගතිය සමාලෝචනය කිරිමට සූදානම් ය. වසරේ තුන්වන" හයවන" නවවන සහ දොළොස්වන මාසවල සිව්වතාවකට වර්ෂයේ මුල පමණක් නොව මැද හා අග දක්වාම ඉලක්ක සපුරා ගැනීමේ පුළුල් ක්‍රමවේදයක් අනුගමනය කිරීම මෙහි මුලික පර්මාර්ථයයි.

නව සැළසුම් සහ කෙටිකාලීන" මධ්‍යකාලීන හා දිගුකාලීන ඉලක්ක සපුරා ගනිමින් 2017 වර්ෂය තුළ කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම පමණක් නොව ගොවියාගේ අර්ථිකය ද ශක්තිමත් කරමින්" රට තුළ කෘෂි ආර්ථිකයක් ඇති කිරීම සඳහා අමාත්‍යංශයේ සියලුදෙනාටම අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි අමාත්‍යතුමා මෙහිදී ප්‍රාර්ථනා කළේ ය.

 

 

 


Last Updated on බ්‍රහස්පතින්දා, 05 ජනවාරි 2017 08:27

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය