කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



වසර 50 කට පසු කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය සේවය යොදා ගැනීමට තීරණයක්....

AGRI NEWS 01.

 

වසර 50 කට පෙර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිශ්පාදන, තේ ඇතුළු අපනයන බෝග, ඉන්ධන මෙන්ම පොහොර ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස දුම්රිය සේවය භාවිතා කළද වර්තමානය වන විට එය මහා මාර්ගවල ප්‍රවාහන මාධ්‍යයන්ට පරිවර්ථනය වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති අතර, අපතේ යාම්, මාර්ග තදබදය මෙන්ම පරිසර දූෂණයද ඉහළ ගොස් ඇත.

මෙයට පිලියමක් වශයෙන් දුම්රිය සේවය නැවතත් කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය විය.

කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් හරහා සෘජුවම පොහොර ප්‍රවාහනය කිරීමටත් උතුරු, දකුණු, උඩරට ගොවිබිම් ආවරණය කරමින් එළවළු, පළතුරු නිශ්පාදන සේම තේ ඇතුළු අපනයන භෝග නාගරික ප්‍රදේශ කරා ප්‍රවාහනය කිරීමටත් මෙහිදී යෝජනා වූ අතර මාළු නිශ්පාදන ප්‍රවාහනය සඳහා අධි ශීතකරණ පහසුකම් දුම්රිය මැදිරිතුල ඇති කිරීමටද තීරණය විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රජයේ පොහොර සමාගම් විසින් පොහොර ප්‍රවාහනය සඳහා වසරකට රුපියල් මිලියන 650 ක් වැය කරන බවත් ඒ සඳහා දුම්රිය යොදාගනිමින් ප්‍රවාහන වියදම 50% කින් අඩු කිරීමට අදහස් කරන බවත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා, කෘසිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය ලේකම්වරුන්, රජයේ පොහොර සමාගම් සභාපතිවරුන්, දුම්රිය සාමාන්‍යාධිකාරී, වරාය අධිකාරියේ සභාපති ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

 

AGRI NEWS 02.

  AGRI NEWS 03.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය