වෙළඳපොළේ රු 700ක එළවළු මල්ල රු 350 ක සහන මිලකට

අතිගරු ජනාධිපතිතුමාගේ ‘ සෞභාග්‍යයේ දැක්ම ’ යථාර්ථයක් කරමින් ගොවි ජනතාව සහ පාරිභෝගික ප්‍රජාව යන අංශ දෙකටම සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇතග කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් ගොවිජනතාවගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන අතර පාරිභෝගිකයාට ද සහන මිලකට එළවළු මිලදී ගැනීමට අවස්ථාවක් හිමි වේ.
කැරට් ,ලංකා අර්තාපල්, බීට්, තක්කාලි ,ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග 6කින් සමන්විත එළවළු මල්ලේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 700ක් වන අතර අතරමැදියන්ගෙන් තොරව සෘජුවම අස්වැන්න මිලදී ගැනීමේ වාසිය පාරිභෝගිකයාට හිමි වන නිසා එළවළු මල්ල රුපියල් 350ක් වැනි සහන මිලකට මිලදී ගැනීමට හැකි වේ.
අතරමැදියන් නොමැතිව ගොවීන්ගේ අස්වැන්න ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන විසින් මිලට ගෙන ඒවා පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීම මේ හරහා සිදුවේග ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මඟින් මෙම කටයුතු සිදු කරන අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථාන 6කදී සහනදායී එළවළු මල්ල මිලදී ගැනීමට හැකි වේග මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 3කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සහභාගීත්වයෙනි.
Last Updated on බදාදා, 04 නොවැම්බර් 2020 07:25