English (UK)SinhalaSriLankaTamilIndia


කථානායකවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් දැන් පාර්ලිමේන්තුවත් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය බවට පත් කරගෙන - කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 DSC0175

 

 

8

 

පසුගිය සතියේ සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වුණා. අවසානයේ දී අපි රජය විදිහට පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණය කළේ කථානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා. පාර්ලිමේන්තුව කල් තබනවා කියලා නිවේදනය කළාට පස්සේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය, ජාතික විමුක්ති පෙරමුණ එක්තුවෙලා විවාද කරන්න පටන් ගත්තා. ඒක හරියට පාළුගෙයි වළං බිදිනවා වගේ වැඩක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

අමාත්‍යවරයා මම අදහස් පළ කළේ අපි වවලයි - අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇත්බටුව, ලුණුගම්වෙහෙර, පඩව්ගම, බෙරලිහෙල වැනි ප්‍රදේශ ගණනාවක පැවති පලතුරු පැළ බෙදා දීමේ වැඩසටහන් වලට සහභාගී වෙමිනි.

 

“සරුපිරි ගෙවත්තක්” ව්‍යාපෘතිය යටතේ ගොවීන් හට ගෙවතු සකස් කර ගැනීම සඳහා නොමිලේ පලතුරු පැළ බෙදා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ යටතේ මෙම පැළ බෙදා දීම සිදු කරනු ලැබීය.

 

එහිදී වැඩි දුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා දැන් ජනතා විමුක්ති පෙරමුණයි UNP යයි කියන්නේ දෙකක් නොවේ. එකක්. රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කරන්න එක්සත් ජාතික පක්ෂයේ අයටත් වැඩිය දැන් ඕනෑකම තියන්නේ අනුර දිසානායක මහතාට පාර්ලිමේන්තුව කල් දැම්මාට පස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ ආපහු වාද කරන ස්වභාවයක් නෑ. අනික පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමේ දී සම්ප්‍රදාය විය යුත්තේ ආණ්ඩු පක්ෂයට වැඩි බහුතරයක් ලබා දීම. නමුත් කතානායකවරයා සිදු කළේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් නොදී විපක්ෂයට එම අවස්ථාව ලබා දීමයි. ඒ නිසයි අපි පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණය කළේ.

 

අනික් කාරණ තමයි දැන් සමහරු කිය කිය යනවා දුර්භීක්ෂයක් ආහාර අහේනියක් ළඟයි ඒ නිසා ආහාර රැස් කර ගන්න කියලා. නමුත් අපි රජය විදියට කියනවා. එහෙම ආහාර අහේනියක් එන්නේ නැහැ. 2015 සිට 2018 කන්නය දක්වා දැවැන්ත නියඟයක් රට පුරා තිබුණා. නමුත් අපේ රටේ එක මිනිහෙක්වත් බඩගින්නේ මැරුණේ නෑ. නියඟයක් තිබුණ ද කියලා වත් අපේ රටේ ජනතාවට දැන ගන්න අපි ඉඩ තිබ්බේ නැහැ. පසුගිය යල කන්නය ඉතාමත් සාර්ථකයි. ඒ වගේම තමයි දැන් හොඳට වහිනවා. වැව් හා ජලාශ ජලයෙන් පිරී ගොස් තිබෙනවා. ඒ නිසා මෙවර මාස් කන්නයත් සාර්ථකවන බවට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා ඔය එක එක්කෙනා ආහාර අහේනියක් එනවා කියලා මොන කතා ප්‍රකාශ කළත් ඒවාට ජනතාව බිය විය යුතු නැහැ. අපි කිසිම දවසක ජනතාව බඩගිනිනේ තබන්නේ නැහැයිද අමාත්‍යවරයා පැවසීය.

 

 


Last Updated on සදුදා, 26 නොවැම්බර් 2018 05:22

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය