English (UK)SinhalaSriLankaTamilIndia


Minister DUMINDA PHOTO-12 දුමින්ද දිසානායක
 ගරු කෘෂිකර්ම අමාත්‍ය

 

 



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  ජනරජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් රාජකාරී භාර ගැනීමට ලැබීම ඉමහත් භාග්‍යයක් කොට සලකමි. ඒ අනූව රටේ ආහාර සුරක්ෂිතතාව හා සමෘද්ධිය ඇති කිරීම උදෙසා දරණ ප්‍රයත්නයේදී  ඵලදායී වූත්,  ශක්තිමත් වූත්, කෘෂිකාර්මික අංශයක් ස්ථාපිත කිරීම මාගේ අභිප්‍රාය වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හරිත විප්ලවයෙන් ක්ෂීර විප්ලවය වෙත ප්‍රවේශ වන මෙවන් අවධියක,  එහිලා අප දරණ ප්‍රයත්නයේ ප්‍රතිලාභ ජනතාව වෙත, විශේෂයෙන් ගොවිජනතාවට ලබා දීම අවශ්‍ය වේ. සංවර්ධනයේ ප්‍රතිලාභ මෙන්ම ආර්ථික සමෘද්ධිය අත්පත් කර ගැනීමේදී කෘෂිකර්මාන්තයට හිමිවන්නේ සුවි‍ශේෂි ස්ථානයකි. අප දරණ ප්‍රයත්නය වඩාත් අර්ථාන්විත හා ඵලදායී වන්නේ දියුණූ තාක්ෂණය එහිලා ප්‍රශස්ථව උපයෝගී කර ගැනීම තුලින් ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කර ගැනීමෙනි.

ඒ අනූව කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පැවරී ඇති ප්‍රධාන වගකීමක් වන්නේ ගොවියා ඇති හැකි අයෙකු බවට පත් කරලීමයී. එම අභිප්‍රාය සාක්ෂාත් කර ගත හැකි වන්නේ දේශීය ඉල්ලුම සපුරාලීමට පමණක් නොව,  විදේශ වෙළඳපල සඳහා ඳ ආහාර නිෂ්පාදනය කිරීමට ගොවි ප්‍රජාව උනන්දු කර වීම මඟිනි.

සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම සමඟ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් අඩු පිරිවැයකින් ඉහළ ඵලදාවක් ලබා ගැනීම සඳහා ගොවි ප්‍රජාව වෙත අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ පවත්නා ආයතන හැම විටම සූදානමින් සිටියි. ඒ සඳහා ගොවියා උගත්, තාක්ෂණික දැනුමෙන් හා ව්‍යාපාරික කළමණාකරණ දැනුම සහිත පුද්ගලයෙකු වීම අවශ්‍ය වේ. ඒ අනූව කෘෂි විද්‍යාල වලින් සපයනු ලබන දැනුමට අමතරව ගොවියාට අවශ්‍ය මූල්‍යමය හා තාක්ෂණ සහය ලබා දෙමින් ගොවි ප්‍රජාව වෙත මිත්‍රත්වයේ හස්තය දිගු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හැම විටම සැදී පැහැදී සිටියි.

ශක්තිමත් වූත්,  අභිප්‍රායශීලී වූත්, මං පෙත් ඔස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය මෙහෙයවමින් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් නව දැක්මක් සහිතව පවත්නා අවස්ථා සුදුස්සන් වෙත පිරිනමමින් ද,  ඉදිරියේ මුහුණ දීමට සිදුවන අභියෝග ජය ගනිමින් ද කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ රජයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරන අතර, ස්වභාව ධර්මයේ අභියෝග වලට ද සාර්ථකව මුහුණ දෙමින් ජාතියේ කුසගිනි නිවාලන ගොවි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිබඳ කැපවීම සනිටුහන් කරනු කැමැත්තෙමි.


Last Updated on අඟහරුවාදා, 04 අප්‍රේල් 2017 07:18

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය