English (UK)SinhalaSriLankaTamilIndia


පෙළගැස්ම



මෙතෙක් ආ ගමන් මග

පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික නවෝදයකින් යුතුව ආහාර බෝගවලින් ස්වයංපෝෂිත භූමියක් බවට පත්කරලීම උදෙසා ගතයුතු පියවර හා ක්‍රියාත්මක කළයුතු සංවර්ධන වැඩපිළිවෙලවල් හඳුනාගෙන ඉදිරි වසර 03 ක කාලයක් සඳහා (2016 - 2018) දේශීය ආහාර නිෂ්පාදන ව්‍යාප්තකරලීම පිණිස 2015.07.20 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවෙන් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම ස්ථාපිත විය.

මුල් පුරවැසියාගේ සිට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එක්ව කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් පිබිදීම ඇති කරලීම සඳහා මෙම වැඩසටහනේ ඊලඟ ඉදිරි පියවර ලෙස 2016 - 2018 කාල පරිච්ඡේදය සඳහා මධ්‍යකාලීන බෝග නිෂ්පාදන සැලැස්ම සකස් කිරීම පිළිබඳ විශේෂ වැඩමුළුව 2015.07.27 දින පේරාදෙණිය ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉදිරි සැලැස්මෙහි මූලික කටයුතු සැලසුම් කිරීම සිදුවිය.

පළාත් හා මධ්‍යම පළාත් සුසංයයෝගයේ සාර්ථකත්ව විදහාලමින් 2015.09.29 - 30 දින වාද්දූව බ්ලූ වෝටර් හෝටලයහී දී ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළාත් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සමුළුව ඉතා සාර්ථක අයුරින් පැවත්වුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ මුල් බීජය වූ වාද්දූව ප්‍රකාශනය එළි දැක්වීම සිදුවිය.

පළාත් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සමුළුව
වාද්දූව ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාව
වාද්දුව ප්‍රකාශනය

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018 සමාරම්භක උත්සවය 2015.10.05 දින ඉරණමඩුහී දී පවත්වමින් ඊට සමගාමීව සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන් පැවැත්වීම තුලින් දීප ව්‍යාප්ත දායකත්වය තහවුරු කර ගැණිනි.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018 සමාරම්භක උත්සවය 2015.10.05

 
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018 සම්බන්ධයෙන් 2015.11.06 දිනැති හා අංක 01/2015 න් චක්‍රලේඛයක් නිකුත් කිරීම මඟින් වැඩසටහනේ විධිමත්භාවය සුරක්ෂිත කර ගැනීමට පියවර ගන්නා ලදී.
චක්‍රලේඛය - 01/2015

ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමේ අරමුණින් මෙතෙක් පැවති සාකච්ඡාවල ප්‍රතිඵල මල්ඵල ගැන්වීමක් ලෙස ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018   ක්‍රියාත්මක කිරීමට අදාල සියලු ම වැඩසටහන්, ජාතික ඉලක්කයන් හා ක්‍රියාමාර්ග ඇතුලත් කරමින් පොතක් මුද්‍රණය කිරීම සිදුවූ අතර මෙම පොත මූලික කර ගනිමින් ඉදිරි වැඩසටහන් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018
 
2016.01.12 දින ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018 පළාත් කෘෂිකර්ම ලේකම්වරු සමඟ පැවති ඇගයුම් හා මෙහෙයුම් පිළිබඳ වූ සාකච්ඡාව තුලින් තවදුරටත් වැඩසටහනෙහි සාර්ථකත්වය තහවුරු කර ගැනීමට පියවර ගැණිනි.
 
2016.01.21 දින ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ලෝක බැංකු ආධාර මත නව තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගැනීම සම්බන්ධ ව්‍යාපෘතිය සඳහා යුරෝපා සංගමය සමඟ පැවති සාකච්ඡාව තුලින් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේ කටයුතු ආරම්භ විය.
 2016.01.26 දින ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018 දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීම හරහා බිම් මට්ටම දක්වා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ ස්වයං අභිප්‍රේරණයක් ඇතිකරලීමට කටයුතු කරන ලදී.
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සහභාගීත්වය මොනවට විදහා දක්වමින් 2016.01.28 දින සිට 2016.02.15 දක්වා අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරියෙකුගේ සහභාගීත්වයෙන් ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018 පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීම මේ වනවිටත් සිදු වෙමින් පවතී.
යාවත්කාලීන කෘෂි තාක්ෂණික තොරතුරුවලින් සියලු දෙනා සන්නද්ධ කිරීමත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව ගෝලීය ගම්මානයක් බවට පත්වීම අරමුණු කොටගෙන ජාත්‍යන්තර මට්ටමේ සංවර්ධනයක් ලබා ගැනිම අරඹයා 2016.01.29 දින ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018 කෘෂිකාර්මික දත්ත පද්ධතිය සකස් කිරීමේ වැඩමුළුව - හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පවත්වනු ලැබී .

Last Updated on බ්‍රහස්පතින්දා, 25 පෙබරවාරි 2016 03:36

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය