English (UK)SinhalaSriLankaTamilIndia


හැඳින්වීම

our ministry

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් විරුදාවලිය ලත් ශී‍්‍ර ලංකාව නිල් පැහැ මුහුදින් වට වු කදුඑ බිදුවක හැඩය ගත් වර්ග කි.මී.65000 ක විශාලත්වයක් ඇති දිවයිනකි‍. වර්ෂය පුරා පැතිරුණු මධ්‍යස්ථ දේශගුණය" සාරවත් පස දසත පැතිරුණු ගංගා ජාලය තුළින් ලැබෙන අප‍්‍රමාණ ජලස්කන්ධය යල මහ දෙකන්නයේම වගා කිරීමට ප‍්‍රමාණවත් ජල සැපයුමක් සහිත මෝසම් වර්ෂා කාලයන් අප රටට ආවේණික වූ භෞතික දේශගුණික සාධකයන්ය.

මෙවන් හිතකර පරිසර සාධක තත්ත්වයන් යටතේ ජාතික ආර්ථිකය ආහාර සුරක්ෂිතතාව හා රැකියා නියුක්තිය කෙරේ කැපී පෙනෙන දායකත්වයක් සපයන  කෘෂිකර්ම අංශය රටෙහි ප‍්‍රධාන ආර්ථික බලවේගයක් ලෙස කි‍්‍රයා කරයි.  මෙරට ග‍්‍රාමීය ආර්ථිකයෙහි බහුතරයකගේ ප‍්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇති කෘෂිකර්මාන්තය දිළිදු බව පිටු දැකීම විෂයෙහි ඉතා අනර්ඝ කාර්යභාරයක් ඉටු කරයි.  නිදහසින් පසු බලයට පත් සියඑම ආණ්ඩු  කෘෂිකර්මය සදහා වෙනම කැබිනට් අමාත්‍ය ධූරයක් පත් කරනු ලැබූයේ ද දේශීය ආර්ථිකයට කෘෂිකර්මාන්තයේ සුවිශේෂී වැදගත්කම හදුනාගෙන තිබුණු බැවිනි.

මෙම තත්ත්වය මැනවින් හඳුනාගත්  කෘෂිකර්ම අමාත්‍යාංශය සිය මෙහෙවර සාක්ෂාත් කරගනු වස් අදාළ ආයතන වලට අවශ්‍ය උපදෙස් සපයමින් හා නිසි සම්බන්ධීකරණය පවත්වා ගනිමින් තිරසාර කෘෂිකර්ම සංවර්ධනයකට මංපෙත් හෙළි කරමින් සිටී.
 
 

 

දැක්ම

“ආහාර සුරක්ෂිතතාවය හා ජාතික සමෘද්ධිය උදෙසා කාර්යක්ෂම, ඵලදායී හා ශක්තිමත් කෘෂිකාර්මික අංශයක්”

 

මෙහෙවර

“ස්වභාවික සම්පත් තිරසාර කළමනාකරණය තුළින් සමාජීය වශයෙන් පිළිගත් නව්‍ය හා වාණිජමය නැඹුරුවකින් යුතුව, ගෝලීය තරඟකාරී නිෂ්පාදනයන් බිහිකරන ව්‍යවසායකත්ව කෘෂිකර්මාන්තයක් සාක්‍ෂාත් කර ගැනීම”

 

අරමුණු

  • ආහාර හා ආශි‍්‍රත කෘෂිභෝග විෂයයෙහි ප‍්‍රතිපත්තිමය සහාය සැපයීම.
  • ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය තහවුරු කිරීම.
  • කෘෂි නිෂ්පාදන සදහා ස්ථාවර මිලක් පවත්වා ගැනීම
  • වී මිල දී ගැනීමේ හා වෙළදපල වැඩසටහන් කාර්යක්ෂම කළමනාකරණය 
  • ව්‍යාපෘති නිසි කලට කි‍්‍රයාත්මක කිරීම
  • තෝරාගත් භෝගවල නිෂ්පාදනය ඉහළ නැංවීම
  • කඩිනමි ආහාර නිෂ්පාදන වැඩසටහන කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම
  • විදේශ අරමුදල් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස යෙදවීම
  • සේවාලාභීන්ට මිත‍්‍රශීලී හා ප‍්‍රතිඵල අරමුණු කරගත් පරිපාලන ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීම
  • සමස්ත රාජ්‍ය අංශය තුළ ඵලදායි කළමනාකරණයක් ඇති කිරීම

Last Updated on බදාදා, 25 මාර්තු 2015 08:32

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය