English (UK)SinhalaSriLankaTamilIndia


සැලසුම් අංශය

සැලසුම්, මෙහෙයුම් හා ඇගයුම් අංශය

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංවර්ධන කාර්යයන් සැලසුම් කෙරෙන්නේ මෙම අංශය තුලින්ය. ඒ අනුව ජාතික අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් කෘෂි ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සැලසුම් කෙරෙන අතර, එකී සැලසුම් අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු හා ආයතන මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමත්ඒවායේ මෙහෙයුම් හා ඇගයුම් කාර්ය සිදු කිරීමත් කරනු ලබයි. 

 පහත සඳහන් කාර්යයන් මෙම අංශය මගින්  සිදු කරනු ලැබේ.

1. ඒ ඒ වර්ෂය සඳහා භාණ්ඩාගාරය විසින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන අනුව අමාත්‍යාංශ ක්‍රියාත්මක සැලසුම් සකස්කෙරෙන අතර, ඒ ඒ විෂය පථය අනුව එකී ඉලක්ක දෙපාර්තමේන්තු හා ආයතන අතර බෙදා හැරේ.

2. ක්‍රියාත්මක සැලැස්මට අනුකූලව මාසික, කාර්තුමය වශයෙන් ප්‍රගති වාර්තාවල් ලබාගැනීම සහ කාර්තුමය වශයෙන් සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය කිරීම, වාර්ෂික ක්‍රියාත්මක සැලැස්මේ කාර්තුමය මුල්‍ය හා භෞතික ඉලක්ක වලට සාපේක්ෂව සංවර්ධන වැඩසටහන් වල ප්‍රගති සමාලෝචන ආයතන අනුව සිදු කෙරේ.

3. රු.මි 50 ට වැඩි සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය කාර්තුමය වශයෙන් යාවත්කාලීන කර අන්තර්ජාලය හරහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ඇතුලත් කිරීම.

4. ප්‍රතිළුල පාදක ඇගයුම් ක්‍රියාවලිය මෙහෙයවීම සහ ඊට අනුකූවල අමාත්‍යාංශයේ සමස්ථ වාර්ෂික ප්‍රගතිය යාවත්කාලීන කර අන්තර්ජාලය හරහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ඇතුලත් කිරීම.

5. අමාත්‍යාංශයේ වාර්ෂික අයවැය ප්‍රකාශය සහ කාර්යසාධන වාර්තාව සකස්කිරීම සහ අදාළ අංශ වෙත යොමු කිරීම.

6. අමාත්‍යාංශයේ දැක්ම,මෙහෙවර හා අරමුණු ලඟාකර ගැනීම සදහා සියළු සංවර්ධන වැඩසටහන් මෙහෙයවීම.

7. විශේෂිත සංවර්ධිත වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම (දැයට කිරුළ වැඩසටහනේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය කෙරේ)

8. අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉදිරිපත් කෙරෙන නව ව්‍යාපෘති යෝජනා ඇගයීමට ලක්කර ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.


Last Updated on බදාදා, 06 ජනවාරි 2016 08:29

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය