English (UK)SinhalaSriLankaTamilIndia


මුදල් අංශය

 

හැඳින්වීම
කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ සැපයුම් සේවා නෛතික රාමුව තුළ ඉටු කර ගැනීම හා ඒ සඳහා වියදම් දැරීම, රජයේ වත්කම් ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම සහ මූල්‍ය තොරතුරු වාර්තාකරණය සඳහා සංවිධාන ගත වී ඇත.
සේවාවන්

 i. විසර්ජන පනත මඟින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන උපයෝගි කරගෙන කරනු ලබන වැය දැරීම් හා  රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් කටයුතු සිදු කිරිම.

ii. අමාත්‍යාංශයේ වාර්ෂික වියදම් හා ආදායම් ඇස්තමේන්තු කිරිම හා ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු හා අනුබද්ධිත ආයතන වල වාර්ෂික ඇස්තමේන්තු කටයුතු සම්බන්ධීකරණය කිරිම.

iii. අමාත්‍යාංශය යටතේ පවතින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතන වෙත උපදෙස් හා මඟ පෙන්වීම් ලබාදෙමින් ඒවායේ මුල්‍යමය අධීක්ෂණයන් සිදුකිරීම.

iv. අමාත්‍යාංශයේ සියළුම සැපයීම් හා මිලදී ගැනීම් ප්‍රසම්පාදනය හරහා සිදුකිරීම.

v. අමාත්‍යාංශයේ ස්ථාවර වත්කම් හා පාරිභෝගික ද්‍රව්‍ය පිළිබඳ ඉන්වෙන්ට්‍රි, ලේඛන පාරිභෝගික ද්‍රව්‍ය ලේඛන පවත්වාගෙන යාම, අධීක්ෂණය කිරීම හා ගබඩා පරිපාලනය පවත්වාගෙන යාම.

vi. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම හා පසුවිපරම් කටයුතු සිදුකිරීම.

vii. රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩල 05 ක මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණයන් සිදුකිරීම.

viii. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සියළුම පළාත් සභා, දිස්ත්‍රික් ලේකම්වරු හා අමාත්‍යාංශය යටතේ පවතින සියළුම ව්‍යවස්ථාපිත මණ්ඩල හා දෙපාර්තමේන්තු වෙත අවශ්‍ය ප්‍රතිපාදන මෙන්ම මුදල් වෙන්කර දීම හා වියදම් වාර්තා ගෙන්වා ගෙන ඒවා භාණ්ඩාගාර පරිගණක වාර්තා අනුව සැස‍ඳේ ද යන්න පරීක්ෂා කිරීම.

ix. අමාත්‍යාංශය, අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු වල සහ ආයතන වල හා ව්‍යාපෘතීන් වලට අදාළව විගණන කටයුතු වල සම්බන්ධීකරණයක් සිදුකිරීම.

x. පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභා සහ පොදු ව්‍යාපාර කාරක සභා වල විමසුම් වලට පිළිතුරු සැපයීම් හා ඒවායේ පරීක්ෂණ කටයුතු වලට සහභාගී වීම.

 

 

 

 

 

 


Last Updated on බදාදා, 11 නොවැම්බර් 2015 07:45

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය