English (UK)SinhalaSriLankaTamilIndia


ගොවීන්ගේ භාරකාර අරමුදල

 

ගොවීන්ගේ භාරකාරකාර අරමුදලේ වර්තමාන තත්ත්වය

  හැඳින්වීම

ආරම්භය

 

ගොවීන්ගේ භාරකාර අරමුදල 1994 මාර්තු මස 09 වන දින රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා අරමුදල වෙනුවෙන් එවකට කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්, එම අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්, කෘෂිකර්ම නිෂ්පාදන හා අලෙවි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්, ගොවිජන සේවා කොමසාරිස් හා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්ගෙන් සමන්විත මණ්ඩලයක් අත්සන් තැබූ භාරකාර ඔප්පුවක් මඟින් ස්ථාපනය කර ඇත.

ක්‍රියාත්මක ක්‍රමවේදය

අධ්‍යක්ෂ මණ්ඩලයක් හරහා එක් එක් වර්ෂය සඳහා ව්‍යාපෘති අනුමත කිරිම තුළින් අදාළ ආයතන මඟින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කරයි. අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය පහත පරිදි සමන්විත වේ.

 

සභාපති       - කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්

සමාජික      - ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්

සාමාජික    - ප්‍රධාන ගණකාධිකාරී (කෘෂිකර්ම අමාත්‍යාංශය)

                  සාමාජික    - භාණ්ඩාගාර විශේෂ නියෝජිත
කාර්ය මණ්ඩලය
  • ලේකම්, ගොවීන්ගේ භාරකාර අරමුදල
  • ගණකාධිකාරී, ගොවීන්ගේ භාරකාර අරමුදල
  • කලමනාකරණ සහකාරවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඇත.

අරමුදලේ ප්‍රධාන ආදායම් ප්‍රභවය

 

අරමුදල සඳහා වන ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිසෙත ලොතරැයියේ අලෙවි ආදායමෙන් 10% ක ප්‍රතිශතයක් බවත්, එය විටින් විට ජාතික ලොතරැයි මණ්ඩලය සමඟ සාකච්ඡා කර තීරණය කර ගත යුතු බවත් භාරකාර ඔප්පුවේ සඳහන් කර ඇත.

 

ගොවිසෙත ලොතරැයිය

 

අංක 95/1317/105/081 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මඟින් ගොවිසෙත ලොතරැයිය මැයෙන් 1963 අංක 11 දරන මුදල් පනතේ 17 (2) වගන්තිය ප්‍රකාර විසර්ජන පනත මාර්ගයෙන් ගොවීන්ගේ භාරකාර අරමුදලට යැවිය යුතු වන පරිදි ඒකාබද්ධ අරමුදලට බැර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් ගොවිසෙත ලොතරැයි ආදායමෙන් 10% ක ප්‍රතිශතයක් මහාභාණ්ඩාගාරය වෙත යවනු ලබයි.

ඉදිරි ඉලක්ක සහ අරමුණු


මෙහෙවර

 

සුළු ගොවීන්ගේ කෘෂිකාර්මික සංවර්ධනය හා සුභ සාධනය සඳහා අවශ්‍ය පසුබිම සකස් කර සුළු ගොවීන්ගේ සක්‍රීය දායකත්වය තුළින් කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් ගොඩ නැඟිම.

අරමුණු

 1994 දී ස්ථාපිත භාරකාර ඔප්පුවේ සඳහන් වන ආකාරයට හා 2002 වර්ෂයේදි අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් අරමුණු පුළුල් කිරීම මඟින් ගොවීන්ගේ භාරකාර අරමුදල පහත අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

 

  1. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය හා ගොවි ජනතාවගේ සුබසාධනය වැඩි දියුණු කිරීම
  2. සුළු ගොවීන්ට කෙටිකාලීන කෘෂිකාර්මික ණය පහසුකම් සැලසීම
  3. සුළු ගොවීන්ට කෘෂිකාර්මික යෙදවුම් සම්පාදනය
  4. සුළු ගොවීන්ගේ මූල්‍ය දුෂ්කරතාවයන් මඟහරවා ගැනිම සඳහා සුළු ගොවියාට වෙළෙඳපල ණය පහසුකම් සැපයිම
  5. සුළු ගොවීන්ගේ කෘෂිකාර්මික සංවර්ධනය හා සුභසාධනය සඳහා දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  6. බෝග හා සත්ව නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම නිෂ්පාදනය පිරිසැකසුම සඳහා සුළු ගොවීන්ට අවශ්‍ය වෙනත් අනුග්‍රහයන් ලබා දීම
  7. කෘෂිකාර්මික සංවර්ධනයට පහසුකම් සැලසිම සඳහා විශේෂ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
 ගොවීන්ගේ භාරකාර අරමුදල ණය ගිවිසුම් පත්‍රය Download    
අවබෝධතා ගිවිසුම් පත්‍රය
Download
ක්‍රියාකාරී සැලැස්ම
Download
මූල්‍ය පුරෝකථන වාර්තාව
Download
ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ ආකෘතිය Download
අත්තිකාරම් පියවීමේ ආකෘති පත්‍ර Download

 

 

 

 

 


Last Updated on බදාදා, 14 සැප්තැම්බර් 2016 09:56

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය