English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂිකර්ම සංවර්ධන අංශය

හැඳින්වීම
කෘෂිකාර්මික නවෝදයක් තුළින් ස්වයංපෝෂිත දේශයක් ගොඩනැගීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ඉටු කරනු ලබන කාර්යභාරය සපුරා ගනු වස් ආහාර සුරක්ෂිතතාවය දේශීය නිෂ්පාදනය තුළින් සපුරා ගැනීමත් ආහාර ආනයන වියදම් අවම කිරීමත් අරමුණු කර ගෙන දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සංවර්ධන අංශය මගින් සිදු කරනු ලබයි. මෙහිදී අතිරේක ආහාර බෝග, එළවළු හා පළතුරු ප්‍ර‍වර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත. කෘෂිකර්ම සංවර්ධන කටයුතුවලට අදාළ සැලසුම් හා ප්‍ර‍තිපත්ති සම්පාදනය සංශෝධනය සහ ක්‍රියාත්මක කිරීමේ කටයුතු ද මෙම අංශය මගින් සිදු කරනු ලබයි.
 
සංවර්ධන අංශයේ ප්‍ර‍ධාන අරමුණු

 ජාතික මට්ටමින් ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගීත්වයෙන් තෝරා ගත් බෝග නිෂ්පාදනය හා ඵලදායීතාවය වැඩි කිරීම සඳහා කටයුතු කිරීම
• දේශීය බීජ හා රෝපණ ද්‍ර‍ව්‍ය සුලභ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
• නවීන කෘෂිකාර්මික ප්‍රබෝධයේ අරුණළු, තරුණ ප්‍ර‍ජාව වෙත යොමු කර, ඔවුන් කෘෂිකාර්මික ක්ෂේත්‍ර‍යට පෙළඹවීම මගින්  තරුණ ප්‍ර‍ජාව වෘත්තීය කෘෂි ක්ෂේත්‍ර‍යට යොමු කිරීම
• ගෝලීය වාණිජ සමාජයට මුහුණදීම සඳහා පර්යේෂණ හා තාක්ෂණික වැඩසටහන් තුළින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ නැංවීම හරහා යැපුම් කෘෂිකර්මයෙන් වාණිජ කෘෂිකර්මයට ගොවීන් යොමු කිරීම
• අතිරේක ආහාර බෝග, එළවළු හා පළතුරු වගාවේදී ඉඩම් පරිහරණය, කළමනාකරණය හා බෝග වගා ක්‍ර‍ම දියුණු කිරීම
• අතිරේක ආහාර බෝග, එළවළු හා පළතුරු වගාව සඳහා යාන්ත්‍රීකරණය සහ නව තාක්ෂණික ක්‍ර‍ම ලබා දීම, දියුණු කිරීම සහ අගය එකතු කිරීම
• අතිරේක ආහාර බෝග, එළවළු හා පළතුරු නිෂ්පාදන විවිධාංගීකරණය

 

 


Last Updated on බදාදා, 06 ජනවාරි 2016 08:23

විශේෂ පණිවිඩ

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

"ගොවිජන මන්දිරය",

80/5, රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය