English (UK)SinhalaSriLankaTamilIndia


ගොවි භාරකාර අරමුදල

 

ගොවී භාරකාර මුදලේ වත්මන් තත්වය

 

ආරම්භය

ගොවීන්ගේ භාරකාර අරමුදල 1994 මාර්තු මස 09 වන දින රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් වරයා හා අරමුදල වෙනුවෙන් එවකට කෘෂිකර්ම සංවර්ධන හා පර්යේණ අමාත්‍යාංශයේ ලේකම් , එම අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්, කෘෂිකර්ම නිෂ්පාදන හා අලෙවි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්, ගොවිජන සේවා කොමසාරිස් හා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්ගෙන් සමන්විත මණ්ඩලයක් අත්සන් තැබූ භාරකාර ඔප්පුවක් මගින් ස්ථාපනය කර ඇත.

 

ක්‍රියාත්මක ක්‍රිමවේදය

අධ්‍යක්ෂ මණ්ඩලයක් හරහා එක් එක් වර්ෂ සඳහා ව්‍යාපෘති අනුමත කිරීම තුළින් අදාළ ආයතන මඟින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදුකරයි. අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය පහත පරිදි වේ.

සභාපති - කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්

සාමාජික - ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්

සාමාජික - ප්‍රධාන ගණකාධිකාරී (කෘෂිකර්ම අමාත්‍යාංශය)

සාමාජික - භාණ්ඩාගාර විශේෂ නියෝජිත

 

කාර්ය මණ්ඩලය

ලේකම්, ගොවීන්ගේ භාරකාර අරමුදල

ගණකාධිකාරී, ගොවීන්ගේ භාරකාර අරමුදල

කළමනාකරණ සහකාරවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඇත.

 

අරමුදලේ ප්‍රධාන ආදායම් ප්‍රභවය

අරමුදල සඳහා වන ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිසෙත ලොතරැයියේ අලෙවි ආදායමෙන් 10% ක ප්‍රතිශතයක් බවත්,එය විටින් විට ජාතික ලොතරැයි මණ්ඩලය සමඟ සාකච්ජා කර තීරණය කරගත යුතු බවත් භාරකාර ඔප්පුවේ සඳහන් කර ඇඅත.

 

ගොවිසෙත ලොතරැයිය.

අංක 95/1317/105/081 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මඟින් ගොවිසෙත ලොතරැයිය මැයෙන් 1963 අංක 11 දරණ මුදල් පනතේ 17 (2) වගන්තිය ප්‍රකාර විසර්ජන පනත මාර්ගයෙන් ගොවීන්ගේ භාරකාර අරමුදලට යැවිය යුතුවන පරිදි ඒකාබද්ධ අරමුදලට බැර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් ගොවිසෙත ලොතරැයි ආදායමෙන් 10% ක ප්‍රතිශතයක් මහා භාණ්ඩාගාරය වෙත යවනු ලබයි.

 

මෙහෙවර

සුළු ගොවීන්ගේ කෘෂිකාර්මික සංවර්ධනය හා සුභ සාධනය සඳහා අවශ්‍ය පසුබිම් සකස්කර සුළු ගොවීන් ගේ සක්‍රීය දායකත්වය තුළින් කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම.

 

අරමුණු

1994 දී ස්ථාපිත කර භාරකාර ඔප්පුවේ සඳහන් වන ආකාරයටහා 2002 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් අරමුණු පුළුල් කිරීම මඟින් ගොවීන් ගේ භාරකාර අරමුදල පහත අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

  • ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය හා ගොවි ජනතාවගේ සුබසාධනය වැඩි දියුණු කිරීම.
  • සුළු ගොවීන්ට කෙටිකාලීන කෘෂිකාර්මික ණය පහසුකම් ලබා දීම.
  • සුළු ගොවීන්ට කෘෂිකාර්මික යෙදවුම් සම්පාදනය.
  • සුළු ගොවින්ගේ මූල්‍ය දුෂ්කරතාවයන් මගහරවා ගැනීම සඳහා දැනුවත් නිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • බෝග හා සත්ව නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම නිෂ්පාදනය පිරි සැකසුම සඳහා සුළු ගොවීන්ට අවශ්‍ය වෙනත් අනුග්‍රහයන් ලබාදීම.
  • කෘෂිකාර්මික සංවර්ධනයට පහසුකම් සැලසීම සඳහා විශේෂ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

Last Updated on සිකුරාදා, 28 සැප්තැම්බර් 2018 07:26

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය