i. අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ හා අමාත්‍ය කාර්යාලයේ සියළුම පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ කටයුතු. ii. අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ පැමිණීම, පිටවීම, නිවාඩු, දුම්රිය බලපත්‍ර හා වාර ප්‍රවේශ පත්‍ර පිළිබඳ කටයුතු. iii. අමාත්‍යාංශය කාර්ය මණ්ඩලයේ හා ඇමති කාර්ය මණ්ඩලයේ අතිකාල, නිවාඩු දින වැටුප් හා ගමන් වියදම් සම්බන්ධ කටයුතු. iv. මාණ්ඩලික නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් ලබා ගැනීම සම්බන්ධ කටයුතු/අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතු. v. මානව සම්පත් කළමනාකරණය, දේශීය පුහුණු හා විදේශීය පුහුණු වැඩසටහන් සම්බන්ධ කටයුතු. vi. රාජ්‍ය සේවයේ හා රාජ්‍ය ව්‍යවසායයන්හි සේවයේ නියුතු නිලධාරීන් සඳහා සහනදායී මෝටර් රථ බලපත්‍ර ලබාදීම සම්බන්ධ කටයුතු. vii. පාර්ලිමේන්තු ප්‍රශ්ණ, අමාත්‍ය මණ්ඩල සංදේශ, මහජන පෙත්සම්කාරක සභාව, පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව හා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු උපදේශක කාරක සභා සම්බන්ධ කටයුතු. viii. අමාත්‍යාංශයේ ඉඩම්, ගොඩනැගිලි, නිල නිවාස හා සංචාරක බංගලාව සම්බන්ධ කටයුතු. ix. අමාත්‍යාංශයේ ආරක්ෂක සේවාව හා පවිත්‍රතා සේවාව සම්බන්ධ කටයුතු. x. අමාත්‍යාංශයේ ජල බිල්පත්, විදුලි බිල්පත්, දුරකථන බිල්පත් හා අග්‍රහාර රක්ෂණ ගෙවීම් ඇතුළුව බිල්පත් ගෙවීම් සම්බන්ධ කටයුතු. xi. ඵලදායීතා වැඩසටහන සම්බන්ධ කටයුතු. xii. ඩෙංගු මර්දන වැඩසටහන සම්බන්ධ කටයුතු.
|