English (UK)SinhalaSriLankaTamilIndia


කෘෂි තාක්ෂණ අංශය

 

හැඳින්වීම

 දිවයින පුරා කෘෂි තාක්ෂණික ක්ෂේත්‍රය හා ස්වාභාවික සම්පත් කළමණාකරන ක්ෂේත්‍රයට අදාල පර්යේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අනුග්‍රහය ලබාදිම හා ඵ්වා සම්බන්ධිකරණය කරමින් ප්‍රගතිය අත්කර ගැනිමට ක්‍රියා කිරිමත් කෘෂිකාර්මික අණ පනත් නියාමනය කරමින් කෘෂිකර්මයට අදාල නීතිමය රාමුව ශක්තිමත් කිරිමත් මෙම අංශය මගින් සිදුකරනු ලැබේ.  අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) ගේ අධික්ෂණය යටතේ පවතින මෙම අංශය උප අංශ දෙකකින් සමන්විතය.  

සේවාවන්

 1.   ආහාර බෝග ප්‍රභේද නිපදවිම, වැඩිදියුණූ කිරිම හා එලදායිතාව ඉහල දැමිම සම්බන්ධ පරියේෂණ හා ව්‍යාපෘති යෝජනා ලබා ගැනිම, ප්‍රතිපාදන ලබාදිම, මුල්‍ය පරිපාලනය, ප්‍රගති සමාලෝචනය හා පසු විපරම.

2.     කෘෂිකර්මික ක්ෂේත්‍රයට අදාල නිතිමය රාමුව ශක්තිමත් කිරිම හා අදාල කටයුතු ඉටු කිරිම.

3.    හාර බෝග ආශ්‍රිත ආනයන අපනයන කටයුතු නියාමනය සඳහා මැදිහත් විම හා නිරෝධායන කටයුතු සඳහා උපදේශාත්මකව මැදිහත් විම.

4.     පසු අස්වනු තාක්ෂණික පර්යේෂණ හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට අදාල කටයුතු ඉටු කිරිම.

5.     කෘෂිකාර්මික සමික්ෂණ හා තොරතුරු සැපයිම සම්බන්ධ කටයුතු වලදි අදාල ආයතන වෙත සහාය ලබා දිම.

6.   ස්වාභාවික සම්පත් කළමණාකරන සහ පරිසර සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැවරි ඇති වගකිම් ඉටු කිරිම.

7.      පළිබෝධ පාලනය හා පළිබෝධ නාශක සම්බන්ධ පරිපාලන කටයුතු ඉටු කිරිම සහ නීති ප්‍රතිපාදන ලබාදිමට ක්‍රියා කිරිම.

8.      ගස් හෙලිමේ පනතට අනුව ක්‍රියා කිරිමෙන් කොස් දෙල් හා තල් ගස් රැක ගැනිමට කටයුතු කිරිම.

9.      පාංශු පෝෂණය ඉහල දැමිමට අදාල කටයුතු සහා ඵ්කාබද්ධ පැලෑටි පෝෂණ පද්ධති ආශ්‍රිත කටයුතු සඳහා සහාය විම.

10.   පස් පරික්ෂණ කටයුතු සහ පොහොර නිර්දේශ ලාබාදිමට අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කරවිම.

11.   බිජ හා රෝපන ද්‍රව්‍ය වල ගුණාත්මය ඉහල දැමිමට අදාල කාර්යය නියාමනයට අවශ්‍ය කටයුතු ඉටු කිරිම.

12. විදේශිය රටවල් හා ජාත්‍යාන්තර අයතන සමග සබඳතා ගොඩනැගිම, දෙපාර්ශවයන්ට වාසිදායක තත්වයන් ඇතිවන පරිදි විදේශ  සම්බන්ධතා පවත්වා ගැනිම.

13.  ජාත්‍යාන්තර වෙළදාමට අදාලව විවිධ අන්තර් ජාතික වෙළද ගිවිසුම් වලට අදාල තොරතුරු සැපයිම හා කෘෂිකර්මික ක්ෂේත්‍රයට අදාලව  ඵ්වා සම්බන්ධිකරණය කිරිම.

14.  රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වය යටතේ ව්‍යාපෘති සංවර්ධනය කිරිම.

15.  කෘෂි යෙදවුම් හා කෘෂි යන්ත්‍රෝපකරණ ආනයනයේදි දේශිය කෘෂි තාක්ෂණයට හා කෘෂි අර්ථිකයට හිතකර ලෙස නියාමනය කිරිම.

 

උප අංශ: -

1.      කෘෂි තාක්ෂණ
දුරකථන අංක :- 0112887423 / 0112878674
ෆැක්ස්            :- 0112878674
ඊ මේල්          :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අධ්‍යක්ෂ  (කෘෂි තාක්ෂණ) ගේ අධික්ෂණය යටතේ මෙම උප අංශය පාලනය වේ. 

වගකිම් හා කාර්යභාර්ය 

 

1.    රටේ කෘෂි සංවර්ධනය උදෙසා වැදගත් වන ආහාර බෝග සම්බන්ධයෙන් කෘෂි පර්යේෂණ හා කෘෂි තාක්ෂණික කටයුතු නියාමනය කිරිම.

2.      කෘෂි තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යාංශය වෙත යොමුවන ඉල්ලිම් සහ අභියාචනා විසඳාලිම සඳහා කටයුතු කිරිම.

3.      අමාත්‍යාංශය යටතේ පාලනය වන සියළුම ආයතන වල කෘෂි තාක්ෂණික කටයුතු සම්බන්ධිකරණය.

4.      කෘෂි තාක්ෂණය සම්බන්ධ රැස්විම්, වැඩමුළු, සම්මේලන,සම්මන්ත්‍රණ සහ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් වලදි අමාත්‍යාංශය වෙනුවෙන් සහාභාගි වී ඊට අදාල කටයුතු ඉටු කිරිම.

5.      ආහාර බෝග ආශ්‍රිත ආනයන අපනයන කටයුතු වලදි මෙන්ම කෘෂි යන්ත්‍රෝපකරණ සහ කෘෂි යෙදවුම් ආයනයේදි දේශිය කෘෂි තාක්ෂණයට හා කෘෂි අර්ථිකයට හිතකර ලෙස නියාමනය කිරිම.

6.      ස්වාභාවික සම්පත් කළමණාකරනයට අදාල වන ප්‍රතිපත්තින් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.

7.      ස්වාභාවික සම්පත් වලට අදාල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේදි කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා අවශ්‍ය නියාමනය ලබා දිම.

8.      කෘෂි ක්ෂේත්‍රයට අදාල නීතිමය රාමුව ශක්තිමත් කිරිම සඳහා අවශ්‍ය පියවර ගැනිම.

9.      කෘෂි ක්ෂේත්‍රයට අදාලව ක්‍රියාත්මක වන පනත් යාවත්කාලින කිරීම,  ඒවා යටතේ නියෝග පැනවිම සහ ඵ් සම්බන්ධව ලැබෙන පැමිණිලි, අභියාචනා විමර්ෂණය කිරීම (බීජ පනත, ශාක ආරක්ෂණ පනත, පළිබෝධ පාලන පනත, පාංශු සංරක්ෂණ පනත, ගස් හෙලීමේ පනත)

10.  කෘෂි ක්ෂේත්‍රයට අදාලව නව අණ - පනත් හදුන්වා දීම.

උදා: නව ශාක ප්‍රභේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත

 

ක්‍රියාත්මක වන වැඩසටහන්

1.      ආහාර නිශ්පාදන ජාතික වැඩසටහන යටතේ අධීක්ෂණය හා පහසුකරණය සපයන පර්යේෂණ ව්‍යාපෘති

2018 වසර තුල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරවනු ලබන ව්‍යාපෘති

·         උතුරු පලාත තුළ ගුණාත්මක බීජ නිශ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා පරන්තන්හි පර්යේෂණාගාරයට පහසුකම් සැපයීම

·         සුදුසු රෝපණ ද්‍රව්‍ය හා සීඩ් ෆිල්ම් කෝටින් සංවර්ධනය

·         පරිසර හිතකාමී පළිබෝධ කළමණාකරන ක්‍රම වේද ඉහළ නැංවීම

·         ගුණාත්මක බීජ හා රෝපන ද්‍රව්‍ය සුලබතාව වැඩි කිරීම

·         ආහාර බෝගවල ගුණාත්මක පොහොර භාවිතය

  ·         ප්‍රධාන රෝග හා පළිබෝධ මර්ධනයට BIPM ක්‍රමය සංවර්ධනය

  පශ්චාත් අස්වැන්න පිළිබද තාක්ෂණ ආයතනය මගින් ක්‍රියාත්මක වන පර්යේෂණ ව්‍යාපෘති

·         කුරුඳු සහ සාදික්කා තෙල් නිස්සාරක භාවිතා කරමින් ආහාර පරීරක්ෂකයක් නිපදවීම

·       ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල්  වර්ගවල පවතින ආහාර තන්තු සහ ප්‍රතිරෝධී පිෂ්ඨයන්ගේ ප්‍රීබයෝටික විභවය සහ ආහාර   කර්මාන්තය සඳහා එහි භාවිතය

·         ගබඩා කළ බඩඉරිඟු වල කෘමි හානිය හා ගුණත්වය කෙරෙහි පැඟිරි පත්‍ර ජලීය යුෂයේ බලපෑම

·         අධි ශීත පරිරක්ෂකතා ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම (කැරට්,බෝංචි,බීට්රෑට්)

·         නැවුම් අඹ සිසිලනය සඳහා ශීතකළ වායුව ගලායන උපකරණයක් නිර්මාණය කිරීම සහ ගොඩනැගීම

·         අඹ බෝගයේ පසු අස්වනු ගුණත්වය හා ගබඩා කාලය දීර්ඝ කිරීම සඳහා පූර්ව ප්‍රතිකාරකවල බලපෑම අධ්‍යයනය කිරීම

·     නෙළුම් මල් වල ගුණාත්මක භාවය හා පසු අස්වනු ආයු කාලය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රමවේදයන් හඳුනා ගැනීම සහ සංවර්ධනය කිරීම

·         අඹවල  පසු අස්වනු රෝග පාලනය කිරීම සඳහා ජෛව පලිබෝධකයන් යොදා ගැනීම

·   'අඹ  සැපයුම් දාමයේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීම සඳහා භූ විද්‍යාත්මක උපකරණ භාවිතා කිරීමේ ශක්‍යතා  විශ්ලේෂණය''  ඕමාරගොල්ල අඹ එකතු කරන්නන් ඇසුරින් සිද්ධි අධ්‍යනයක්

·         නැවුම් පළතුරු කල්තබා ගැනීම සඳහා ශීත වියලීම සහ රික්ත ඇසුරුම් තාක්ෂණයෙහි ඵලදායීතාව ඇගයීම (පේර , අන්නාසි , ගස්ලබු)

·         රනිල බෝග පදනම් කර,  ප්‍රති ඔක්සිකාරක ගුණය වැඩිදියුණු කළ හා අගය එකතු කළ ග්‍රැනෝලාබාර් (ධාන්‍යමය ආහාරය)  සැකසීම

·      පළතුරුවල නියමිත පරිනත අවස්ථා හඳුනාගැනීම  සඳහා  අවම පිරිවැයක්  සහිත  උපකරණයක්  සැලසුම්  කිරීම  හා     නිර්මාණය කිරීම

2.      දුම්කොල වගාව ඉවත්කර විකල්ප බෝග හදුන්වා දීමේ වැඩසටහන

3.      ජාතික කෘෂිකර්ම පරියේෂණ සැලැස්ම යටතේ ක්‍රියාත්මක පර්යේෂණ ව්‍යාපෘති

4.      යහපත් කෘෂිකාර්මික පිලිවෙත් (GAP) තුලින් බෝග වගාව - 2017 වසර තුල ක්‍රියාත්මක විය

5.      ජාතික ආහාර නිශ්පාදන සංග්‍රාමය

6.      පොහොර සම්බන්ධ ගැටළු වලදී අදාල තාක්ෂණික නිර්දේශ ලබා දීම.

7.      දේශගුනික විපර්යාස වලට අනුගත වු කෘෂිකර්මය

8.      ජෛව තාක්ෂණික වැඩසටහන්

9.      කොස් , දෙල් , තල් යන ශාක ඉවත් කිරීමේ බලපත්‍ර අනුමත කිරීම

10.   කෘෂි යෙදවුම් සහ උපකරණ ආනයනයේ දී ආනයන බදු සෙස් බදු සහ වැට් බඳු නිදහස් කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම.

 

කාර්ය මණ්ඩලය: - 
 
1.      අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ)          -   ආචාර්ය කේ. හෙට්ටිආරච්චි.
2.      අධ්‍යක්ෂ (කෘෂි තාක්ෂණ)                       -   ටී.එච්. අමරසිංහ.
3.      සංවර්ධන නිලධාරී                                  එම්.යු.ජේ.සේදර මිය
4.      සංවර්ධන නිලධාරී                                  ඒ.එච්.ආර්.නුගලියද්ද මිය
5.      සංවර්ධන නිලධාරී                                 -   කේ.එන්.වීරප්පෙරුම මිය
6.      සංවර්ධන නිලධාරී                                 -   කේ.ඒ.ජයානි චන්දිමා මිය
7.      සංවර්ධන නිලධාරී                                 -   පී.සී.පෙරේරා මයා
8.      සංවර්ධන නිලධාරී                                 -   මිල්ටන් ලම්බියස් මයා
9.      කාර්යාල කාර්ය සහායක                        -   පී. නීල් මයා
10.   කාර්යාල කාර්ය සහායක                          -   නිමල් තිලකසිරි මයා

කෘෂි තාක්ෂණ අංශයේ උප අංශ

ව්‍යාපෘති අංශය

හැඳින්වීම

කෘෂි තාක්ෂණ අංශයේ උප අංශයක් ලෙස ක්‍රියාත්මක වන මෙම අංශයට පහත සදහන් වගකීම් පැවරී තිබේ.

අමාත්‍යාංශය යටතේ පවත්නා විවිධ ආයතනවලින් ලැබෙන ව්‍යාපෘති යෝජනා සංවර්ධනය කොට ආධාර දෙන ආයතන වෙත යොමු කිරීම  හා ඒවා අනුමත වු පසු ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත භාර දීම හා ක්‍රියාත්මක  වන අවස්ථාවේ පසු විපරම් කිරීම .

විදේශීය රටවල් හා ජාත්‍යන්තර ආයතන සමඟ සබඳතා ගොඩනැගීම, දෙපාර්ශවයට වාසිදායක තත්වයන් ඇතිවන පරිදි විදේශ සබඳතා පවත්වා ගැනීම.

ජාත්‍යන්තර වෙළදාමට අදාළව අන්තර් ජාතික වෙළඳ ගිවිසුම් වලට අදාළ තොරතුරු සැපයීම හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළව  ඒවා සම්බන්ධීකරණය කිරීම

        රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපෘති සංවර්ධනය කිරීම ඒවායේ ක්‍රියාත්මක වීම සම්බන්ධීකරණය.

 

මෙම අංශයට පැවරෙන වගකීම්

1.  එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ( FAO) ක්‍රියාත්මක වන ව්‍යාපෘති (ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ පළතුරු අගය  දාමයේ  නිෂ්පාදනය වැඩිදියුණු කිරීම හා වාණිජකරණයට ආධාර කිරිමේ ව්‍යාපෘතිය ) සම්බන්ධීකරණය හා  FAO ආයතනය සම්බන්ධීකරණ කටයුතු

2.    JICA ආයතනයනිට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කොට  ඒවා ක්‍රියාත්මක කිරීම හ ඒවායේ සම්බන්ධීකරණ කටයුතු

3.  ආසියානු ආහාර හා කෘෂිකාර්මික සහයෝගිතා මුලපිරුම (AFACI) ආයතනයේ ශ්‍රී ලංකාවේ ජාතික සම්බන්ධීකරණ ඒකකය ලෙස කටයුතු කිරීම හා ඊට අදාළ ව්‍යාපෘති සම්බන්ධීකරණය. ඊට අදාළ අන්තර්ජාතික  සමුළු /වැඩමුළු සංවිධානය කිරීම.

4.   ජාත්‍යන්තර කෘෂිකර්මය සඳහා වු කොරියානු ව්‍යපෘතිය (KOPIA) ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණය.

5.  ආසියානු ඵලදායීතා සංවිධානයේ (APO ) ජාත්‍යන්තර වැඩමුළු දේශීය වශයෙන් සංවිධානය කිරීම හා  APO ආයතනයේ අනෙකුත්  සම්බන්ධීකරණ කටයුතු

6.  ආසියානු අප්‍රිකානු ග්‍රාමීය සංවර්ධනය සංවිධානයේ (AARDO) සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම එහි ව්‍යාපෘති (ශ්‍රී ලංකාවේ  වාණිජමය දෙල් සඳහා වු සමාරම්භක ව්‍යාපෘතිය) සම්බන්ධීකරණය කොට පැවැත්වීම

7.   අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන (CAPSA, APPPC ,TFNET, WFP,CIRDAP ආදී) සමඟ කෙරෙන සම්බන්ධීකරණ කටයුතු.

8.  විවිධ රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමඟ අවබෝධතා ගිවිසුම්( MOU ) අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම, අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම්වල ප්‍රගතිය සමාලෝචනය

9.  ජාත්‍යන්තර වෙළදාමට අදාළව රාජකාරී කටයුතු හා ජාත්‍යන්තර වෙළද ගිවිසුම් (SAPTA,PFTA,DFTA,CFTA ආදී) වලට අදාළ රාජකාරී කටයුතු.

10. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ කෙරෙන ව්‍යාපෘති සම්බන්ධීකරණය

  •        බීජ හා රෝපණ ද්‍රව්‍ය  සංවර්ධනය සඳහා පුද්ගලික ආයතන සමඟ ක්‍රියාත්මක වන ව්‍යාපෘති
  •             වල්පිට කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය
  •             ගොහාගොඩ කසල කළමණාකරණ ව්‍යාපෘතිය

අංශයේ නිලධාරීන්ගේ විස්තර
පි.එන්.එන්.ජයනෙත්ති
නියෝජ්‍ය අධ්‍යක්ෂ
අනෙකුත් නිලධාරීන්
01.  දමිත් චන්ද්‍රකුමාර පතිරගේ  - කෘෂි මෙහෙයුම් නිලධාරී
02.  ආර්.ඒ. ඩි.ඩි. එන්.රණසිංහ  - කෘෂි සංවර්ධන සහකාර
03.  නදීෂා ශ්‍යාමලී නිශ්ශංක     -    සංවර්ධන නිලධාරී
04.  රාධිකා මහාදේවා              -    සංවර්ධන නිලධාරී
05.  ආර්.පි.එම්. ශිරෝමනි         -    සංවර්ධන නිලධාරී
06.  ඒ.ඩබ්.එස්.එස්.ගුණරත්න    -    සංවර්ධන නිලධාරී

                            ඊ - මේල් ලිපිනය  :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

හැඳින්වීම

කෘෂි තාක්ෂණ අංශයේ උප අංශයක් ලෙස ක්‍රියාත්මක වන මෙම අංශයට පහත සඳහන් වගකීම් පැවරී තිබේ.

අමාත්‍යාංශය යටතේ පවත්නා විවිධ ආයතන වලින් ලැබෙන ව්‍යාපෘති යෝජනා සංවර්ධනය කොට ආධාර දෙන ආයතන වෙත යොමු කිරීම හා ඒවා අනුමත වූ පසු ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත භාර දීම හා ක්‍රියාත්මක වන අවස්ථාවේ පසු විපරම් කිරීම.

විදේශිය රටවල් හා ජාත්‍යන්තර ආයතන සමඟ සබඳතා ගොඩනැඟීම, දෙපාර්ශවයට වාසිදායක තත්වයන් ඇතිවන පරිදි විදේශ සබඳතා පවත්වා ගැනීම.

ජාත්‍යන්තර වෙළඳාමට අදාලව විවිධ අන්තර් ජාතික වෙළඳ ගිවිසුම් වලට අදාල තොරතුරු සැපයීම හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාලව ඒවා සම්බන්ධීකරණය කිරීම.


Last Updated on සිකුරාදා, 03 AUGUST 2018 05:42

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය