English (UK)SinhalaSriLankaTamilIndia


අප රටේ හේන් වගාවට යළිත් වැඩිපුර අවස්ථාව දෙන්නැයි දිස්ත්‍රික් ලේකම්වරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කරයි.

 

අප රටේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමයක් වශයෙන් සැලකෙන හේන් ගොවිතැන මේ වනවිට අප රටින් සම්පූර්ණයෙන්ම අභාවයට යමින් තිබේ. නමුත් අප රටේ මුං , කව්පි, බඩඉරිඟු, කුරක්කන්, තල, මෙනේරි හා අබ වැනි කටුසර බෝග වගාව සඳහා මහත් පිටුබලයක් වුයේ හේන් ගොවිතැනයි.

 

හේන් ගොවිතැන හේතුවෙන් මෙරට වනගහනය තුරන්වන බව ප්‍රකාශ කළත්, හේනක් ලෙස යොදා ගන්නේ බොහෝවිට මහා වනාන්තරය එළි පෙහෙළි කිරීමෙන් නොව කනතු බවට පත්වු සාමාන්‍ය ළඳු කැලය බව දිස්ත්‍රික් ලේකම්වරු පැහැදිලි කළේය.

 

ඊයේ ( 16) සංවර්ධන පරිපාලන ආයතනයේ දී දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරු හා දිසාපතිවරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී කෘෂිකර්මාන්තයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කළහ.

 

2017 වර්ෂයේ දී මෙරටට රටකජු ආනයනය සඳහා රු.මි. 689ක්ද, කජු ආනයනය සඳහා රු.මි. 750ක්ද, තල ආනයනය සඳහා රු.මි. 27ක්ද, කුරක්කන් ආනයනය සඳහා රු.මි. 243ක්ද, බඩඉරිඟු සඳහා රු.මි. 6627ක්ද, මීට අමතරව අප රටට අවශ්‍ය අබ මුළුමනින්ම පිටරටින් ආනයනය කරමින් තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

අප රටට අවශ්‍ය මෙවැනි ධාන්‍ය මින්පෙර වගා කළේ හේන් ගොවිතැන ආශ්‍රිතව බැවින් එවැනි කටුසර බෝග වගාවට ගොවීන් පෙළඹීමට නම් හේන් ගොවිතැන සඳහා නැවතත් අවස්ථාව වැඩි කළ යුතු බව මෙහිදී දිසාපතිවරු පෙන්වා දුන්හ.

 

විශේෂයෙන් හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මුලතිව් කිළිනොච්චි, මොනරාගල   වැනි දිස්ත්‍රික්කවල හේන් වගාවට ඉතා යෝග්‍ය වේ. හේන් ගොවිතැන නොකෙරෙන නිසා   එම ගොවීන් ද මහත් අසීරුතාවකට පත්ව සිටී.

 

මේ නිසා යළිත් හේන් වගාවට අවස්ථාව ලබා දීමට රජය කටයුතු කිරීම සුදුසු යැයිද දිස්ත්‍රික් ලේකම්වරු අවධාරණය කළහ.

 

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කර පියවර ගන්නා බවත්, හේන් ගොවිතැනෙහි යෙදෙන ගොවීන් හඳුනාගෙන ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීමේ පදනමක් සහිතව හේන් ගොවිතැන සඳහා වැඩිපුර අවස්ථා ලබා දීමට පියවර ගන්නා බව ද පැවසීය.


Last Updated on Monday, 20 August 2018 08:56

Last Update

13-12-2018

Get Social

Ministry of Agriculture

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2012 The Ministry of Agriculture.

All Rights Reserved.

 Solution by: