01

   
English (UK)SinhalaSriLankaTamilIndia


යාපනය දිස්ත්‍රික්යේ 2018 මහ කන්නයේ වගා කටයුතු හින්දු ආගමික සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් ආරම්භ වේ.

 

2018 මහ කන්නයේ මේ වන විට ලැබෙන වර්ෂාවත් සමඟ යාපනයේ දිස්ත්‍රික්කයේ ගොවීහු වගා කටයුතු ආරම්භ කිරීමට සූදානම්ව සිටින අතර උතුරු පළාතේ මහ කන්නයේ වගා කටයුතු සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා , චාවකච්චේරි ප්‍රදේශයේදී වගා කටයුතු අරඹනු ලැබීය.

 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ වගා කටයුතු ආරම්භ කිරීම පසුගියදා සිදුකෙරිණි .එහිදු හින්දි චාරිත්‍රානුකූලව වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව වී වැපිරීම සහ බිම් නැගීම සිදු කරනු ලැබීය.එහිදී දමිළ ගොවි මහතෙකු විසින් අමාත්‍යවරයාගේ හිසෙහි ජටාවක් ගැට ගැසූ අතර , දෙවියන්ට කන්නලව් කිරීමෙන් අනතුරුව මහ ට්‍රැක්ටරයකින් ඇමතිවරයා සී සෑම සිදු කළේය.අනතුරුව කැකුළන් වගාව සඳහා වී වැපිරීම ද සිදු කරනු ලැබීය.මෙම අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

මෙහිද අදහස් පළ කළ අමාත්‍යවරයා - අතීතයේ අපේ රටේ ගොවිතැන් කටයුතු කරන ලදේදේ දෙවියන් සමඟ කරන ලද කාර්යයක් සේ සලකා මහත් ගෞරවයෙන් යුක්තවයි.එම නිසා අතීතයේ ගොවි ජනතාවට හොඳ අස්වැන්නක් ලැබුණා. ඒ වගේම වස විසෙන් තොරව කාබනික ගොවිතැන ඔවුන් විසින් ඉටු කරනු ලැබුවා.

 

නමුත් පසුකාලීනව අපේ එවැනි උතුම් චාරිත්‍ර වාරිත්‍ර නොසලකා හැරීම නිසා ගොවිතැනට විවිධ අනතුරු , අස්වනු පාළුවීම් වාර්තා වීමට පටන් ගත්තා.ගොවිතැන කියන්නේ දේවත්වයෙන් කළ යුතු වටිනා කාර්යයක්.නමුත් අද බොහෝ දෙනෙක් ගොවිකමේ අගය හදුනන්නේ නැහැ.

 

වර්තමානයේ කෘෂිකර්මාන්තය නවීකරණය වී ඇතත් අපට සාම්ප්‍රදායික දේ බැහැර කරන්න බැහැ. කෘෂිකර්මාන්තයේදී නවීකරණය මෙන්ම සාම්ප්‍රදායික දැනුම ද එකතු වූ විට තමයි වඩාත් හොඳ සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ. අද යාපනයේ සහෝදර දමිළ ජනතාව හින්දු ආගමික වතාවත් අනුව කටයුතු කරමින් ගොවිතැන් කටයුතු ආරම්භ කළා. මම හිතනවා , මෙවර මහ කන්නය ඉතාමත් සාර්ථක වනු ඇතැයි කියා.හොඳින් වැසි ලැබී , වැව් පිරී , කුඹුරු සියල්ල වපුරා ගැනීමට අපට හැකි වෙතොත් ලබන වසරේදී අපට සහලින් ස්වයංපෝෂිත මට්ටමට ළඟා වීමට හැකියාව තිබෙනවා. ඒ නිසා අප සියලු දෙනාම වගාවට අතහිත යොමු කරමින් කටයුතු කරමු යැයි ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.


Last Updated on Friday, 12 October 2018 08:56

Last Update

24-04-2019

Get Social

Ministry of Agriculture, Rural Economic Affairs,

Livestock Development, Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, Rural Economic Affiairs, livestock Development, Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: