01

   
English (UK)SinhalaSriLankaTamilIndia


2018 මහ කන්නයේ වව්නියාවේ අක්කර 10000ක උඳු වගා කිරීමේ කටයුතු ඇරඹේ.

 

2018 මහකන්නයේදී වව්නියාවේ පුරන් කුඹුරු අක්කර 16000ක උඳු වගා කිරීමේ වැඩ පිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කිරිමට තිරණය කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවල අද දින වව්නියාව තම්බෙයිමඩු ප්‍රදේශයේ දී ආරම්භ කෙරිණි.

ශ්‍රි ලංකාවේ වාර්ෂික උඳු අවශ්‍යතාවය මෙ .ටො 20000කි.ඉන් මෙ. ටො 13000ක් අප රටේ වගා කෙරෙන අතර සෑම වසරකදීම මෙ. ටො 6000 සිට 8000ක් දක්වා ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබයි.

මේ සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල රු.කෝටි 200 කි .වව්නියාව දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 16000ක වගා කෙරෙන උඳු වගාව සමඟම ඉන් ලැබෙන අස්වැන්න මඟින් රටේ සමස්ත උඳු අවශ්‍යතාවය සම්පූර්ණ කෙරෙන  අතර එමගින් විදේශ විනිමය මෙරට ඉතිරි කර ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර , කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මැති ඇමතිවරු ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු ආරම්භ වූ අතර ඊට සමගාමීව තමුබෙයිමඩු ගොවිජන මධ්‍යස්ථානය විවෘත කිරිම ද අද දින සිදු විය.

රු.මි 45ක වියදමින් ඉදිකරන ලද තමුබෙයිමඩු ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් මෙතක් එම ප්‍රදේශයේ පැවති විශාල අඩුපාඩුවක් සම්පූර්ණ විය. එමෙන්ම ගොවීන්ට අවශ්‍ය උඳු බීජ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණු අතර ගොවීන් 20 දෙනෙකුට උඳු බීජ ලබා දීම ඇමතිවරයා අතින් සිදු කෙරුණි. ගොවීන් 500කට මෙවර මහ කන්නය සඳහා උඳු බීජ නොමිලේ ලබා දෙන අතර ඔවුන්ගේ අස්වනු මිලදි ගැනීම සඳහා වැඩ පිළිවෙලක් ද  කෘෂිකර්ම අමාත්‍යතුමා විසින් ආරමිභ කර ඇත.

මෙම අවස්ථාවට එක්වු මහින්ද අමරවීර මහතා කියා සිටියේ මෙතෙක් අප රටින් උඳු ආනයනය සඳහා වැය කරන ලද අති විශාල මුදලක් මෙම උඳු වගාව මගින් ඉතිරි කර ගැනිමට රජයට හැකි වන බවයි. එමෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවල යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් ගොවීන් වගාව සඳහා උනන්දු කරවීමට හැකි වනු ඇතැයි ද ඇමතිවරයා පැවසීය.


Last Updated on Friday, 12 October 2018 07:48

Last Update

22-07-2019

Get Social

Ministry of Agriculture, Livestock Development, Irrigation and Fisheries and Aquatic Resources Development

288,

Sri Jayawardenepura Mawatha,

Rajagiriya, Sri Lanka,

Tel: +94-11-2869553

Fax: +94-11-2868910

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Copyright © 2019 The Ministry of Agriculture, livestock Development, Irrigation 

and Fisheries and Aquaitc Resources Development

All Rights Reserved.

 Solution by: